*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර රෝහලේ සිට තැබූ සටහන ….

තාම රෝහලේ නිසා වැඩි දේවල් කියන්නේ නෑ. ඇවිත් කතාව කියන්නම්.

මා තනි පුද්ගලයෙකු නෙවෙයි. මා අයත් වන්නේ සමූහයකට. ඒ නිසාම සාමූහිකව මා සමග ඉන්නට බොහෝ පිරිස් ඉන්න බව හැඟුණා. ඒ ශක්තිය මත ඉදිරියට වැඩ කරනවා.

වෙනදාටත් වඩා ආවේගශීලීව. තදින්.

මගේ අයිතිවාසිකම් රැකෙන්න ඕනෑ මම මාධ්‍යවේදියෙක් වූ නිසා නෙවෙයි. මම එතැන මගෙ රස්සාව කීවේ හඳුන්වාදෙන්න විතරයි. මම එදා එතැනට ගියෙත් ඒ රස්සාව කරන්නයි. මේ රටේ මාධ්‍ය වෘත්තිය කරපු, යම් යම් අවස්ථාවල ක්‍රියාකාරීත්වයන්හි යෙදුණු, උත්තුංග පරපුරක් ඉන්නවා. මම යම් විරෝධයකට විරෝධතාකරුවෙකුගේ කැපෑසිටි එකෙන් සහභාගී වෙලා හිටියා නම් මාධ්‍යවේදී කියා මාව හඳුන්වාදෙන්නේ නෑ. ජුලි 23 වැනිදා මාව අත් අඩංගුවට ගන්නට වාගේ උත්සාහ කළ වෙලාවේ මම එහෙම මාව හඳුන්වාදුන්නේ නෑ.

  1. මාධ්‍යවේදීන් රකින්න රටේ විශේෂ නීතියක් නෑ. 02. මගේ සාක්කුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු හැඳුනුම්පතක් තිබුණා. ඒකට කිසි පනතකින් හෝ චක්‍රලේඛයකින් ලැබුණු නිත්‍යානුකූලභාවයක් නෑ. මම 2022 වර්ෂයෙන් ඉදිරියට ඒකට ඇප්ලයි කරන්නේත් නෑ.
  2. හැම පුරවැසියෙක්ටම කතා කරන්න, වාර්තා කරන්න අයිතිය තියෙනවා. ඒ අයිතියෙනුයි මාධ්‍යවේදීන් රැකෙන්නේත්.
  3. අයිඩෙන්ටි කරේ එල්ලන්න ඕනෑ නෑ. මම අවුරුදු 10ක් මේ රස්සාව කළා. මෙතෙක් සෑම සතියකම මා රස්සාව කළා. සම්පූර්ණයෙන්ම නිවාඩු ගත් කිසිදු සතියක් නෑ. ලීවා, වාර්තා පළ කළා. ඒ මගේ රස්සාව. ඒ බව ඉතිහාසයේ ලියැවී ඇති. මම මගේ රස්සාව ඔප්පු කරන්න කරේ අටමගල් එල්ලාගන්නෙ නෑ. එල්ලාගත්තා කියලා මට ලැබෙන්න ඕනෑ විශේෂ වරප්‍රසාදයකුත් නෑ.

මා කවදාවත් පොල්ලක්, මුගුරක් හෝ ගලක් අතට අරන් නෑ. මගේ අවි මගේ කැමරාව, ලියන ලැප්ටොප් එක සහ කට.

ඒවා පාවිච්චි කරමින් මම කතා කළා විතරයි.

බොහෝ අය මා බලන්න ආවා. තව බොහෝ අය අන්තර්ජාලයේ ලීවා. වෘත්තිය සමිතිවල සගයන්, මාධ්‍යවේදී මිතුරන්, පුද්ගලික මිතුරන් වාගේම සියලුම පැතිවල දේශපාලඥයනුත් ආවා. ලැයිස්තු සකසන්න ඕනෑ ඒ හැමෝගේම.

එහෙත් මුලින් ස්තූතිවන්‍ත වෙන්න ඕනෑ විවිධ දේශපාලන නැමියාවන් ඇතත්, මා වෙනුවෙන් ආ නීතිඥයන්ට.

සති අන්ත දවසක, රුපියලක්වත් අය නොකර, දවසක් රස්තියාදු වෙමින්, මා වෙනුවෙන් ඉදිරිපත් වූ 25 කට වැඩි අති දැවැන්ත නීතිඥ කණ්ඩායමට ස්තූතියි. අසීරුවෙන් එකතු කරගත් නම් ලැයිස්තුව මේ. නමක් මඟහැරී ඇත්නම් සමාවෙන්න.

Dr. Jayampathy Wickramaratne
Saliya Pieris
Upul Kumarapperuma
Nuwan Bopege
Manjula Pathiraja
Sunil Watagala
Hejaz Hisbullah
Manjula Balasooriya
Jagath Kularathne
Susantha Dodawatta
Ranjan Ramalingam
Rajitha Lakmal
Migara Doss
Lakmali Hemachandra
Thambirajah Jeyarathnaraja
Jayantha Dehiaththage
Swasthika Arulingam
SPP Saranayake
Manju Sri Chandrasena
Ruwani Peiris
Dhanushki Lianapatabandi
Sanath Karunarathne
Sahan ginige

~ තරිඳු උඩුවරගෙදර

(facebook සටහනකි)

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan