ජාත්‍යන්තර සබඳතා කියන්නේ කලාවක්. මැතිණිගෙන් පස්සේ මම තමයි හොඳටම කරේ – මෛත්‍රී

Date:

ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගේ සහාය ලබාගැනීම යනු එක්තරා විද්‍යාවක් බවත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගෙන් පසු එම කාර්යය හොඳටම කළේ තමන් බවත් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

“ADB වෙන්න පුළුවන්, IMF වෙන්න පුළුවන්, World Bank වෙන්න පුළුවන්, ජපන් ජයිකා වෙන්න පුළුවන් ඒ හැමගෙන්ම උදව් ගැනීමත් ලෝකයේ සියලු රාජ්‍ය නායකයින්ගෙන් සහයෝගය ගැනීමත් එක්තරා කලාවක්, ඒක එක්තරා විද්‍යාවක්, මම ආඩම්බරයෙන් කියනවා මම බය නැතුව ඕන කෙනෙක් එක්ක තර්ක කරන්න ලෑස්තියි, ඔප්පු කරලා පෙන්න ලෑස්තියි. බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මම තමයි ලෝකයේ සෑම රටක් එක්කම දැඩි සම්බන්ධ තාවයක් තියාගෙන රට ගොඩ ගන්න ඒ අයගෙන් උදව් ගත්තේ. රුසියාවත් එහෙමයි, චීනයත් එහෙමයි, අමෙරිකාවත් එහෙමයි, යුරෝපයත් එහෙමයි, ඉන්දියාවත් එහෙමයි, ජපානයත් එහෙමයි, ජර්මනියත් එහෙමයි, ඉතින් ඒ සහායෝගය ගන්න එකේ යම් කිසි ක්‍රමයක් තියෙනවා. ලංකාවේ ඉන්න ඉහළම දේශපාලකයින් පිළිබඳව තානාපති කාර්යාලවල ෆයිල් එකක් තියෙනවා”

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ ඊයේ (29) අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...