බංග්ලාදේශයේ අගමැතිනියට ඉල්ලා අස්වෙන්නැයි කියමින් විරෝධතාකරුවන් පාරට බසියි

Date:

ජීවන වියදම් ඉහළයාම හේතුවෙන් බංග්ලාදේශ් අගමැතිනී ෂික් හසීනාට ඉල්ලා අස්වන ලෙසත් නව මැතිවරණයක් පවත්වන ලෙසත් බංගලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) ආධාරකරුවන් ඩකා අගනුවර ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධතා පවත්වා ඇති බව වාර්තා වේ.

මෙහිදී බංගලාදේශ ජාතිකවාදී පක්ෂ ආධාරකරුවන් බස් රථවලට ගිනි තබා පෙට්‍රල් බෝම්බ පුපුරවා හැර තිබූ අතර පොලීසිය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර විරෝධතාකරුවන් පලවා හැර තිබේ.

දෙපාර්ශවය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් නිලධාරීන් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර ජ්‍යෙෂ්ඨ BNP නායකයින් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලයන් 90 දෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ.

2009 දී බලයට පත් වූ දා සිට දැඩි පාලනයක් පවත්වා ගෙන ගිය අගමැති හසීනා අත්තනෝමතිකත්වය, මානව හිමිකම් කඩකිරීම්, භාෂණයේ නිදහස මර්දනය කිරීම මෙන්ම විවේචකයන් සිරගත කිරීම ආදී චෝදනාවන්ට ලක්ව තිබේ.

සශිකලා මධුෂාණී_outboundtoday

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන අලි ගැටළුවට විසඳුමක්!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : පුවක්තලේ, නාච්චාදූව, නාච්චාදූව...

දුම්රිය රියදුරන් දින දෙකක සංකේත වැඩවර්ජනයකට සැරසෙයි!

කොළඹ LNW:දුම්රිය රියදුරන් මුහුණ දී සිටින පරිපාලන ගැටළු සහ...

මාරක රිය අනතුරක්!

රෂිකා හෙන්නායක ජූලි 28, කොළඹ LNW : අද උදෑසන (27)...

දකුණු කොරියාව සමඟ කිසිදු සංවාදයකට සුදානම් නොමැති බව උතුරු කොරියාව කියයි

සටහන: සශිකලා මධුෂාණිජුලි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු කොරියාව සමඟ...