චම්පිකගේ පක්ෂයේ ජ්‍යේෂ්ඨ උප සභාපති එක්සත් ජාතික පක්ෂයට එකතු වෙයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

එක්සත් ජනරජ පෙරමුණේ ජ්‍යේෂ්ඨ උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ.

ඊයේ (30) දිනයේදී සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා හමුවී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේ එජාප සාමාජිකත්වය ලබාගෙන ඇති අතර ඒ මහතාගේ බිරිඳත් එහිදී එජාප සාමාජිකත්වය ලබාගෙන ඇත.

ඔවුන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වමින් ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට සූදානම් බවත් එහිදී ප්‍රකාශ කර ඇත.

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා දීර්ඝ කාලයක් තිස්සේ පාඨලී චම්පික රණවක මහතා සමග දේශපාලන කටයුතු කළ ඔහුගේ සමීපතම අනුගාමිකයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...