තවත් සමාගමක් කොළඹ කොටස් වෙළඳපොලෙන් ඉවත් වෙයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

East West Properties PLC සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

පෙරේදා (29) පැවති East West Properties PLC සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක දී මෙම තීරණය ගනු ලැබූ බවයි East West Properties PLC වෙනුවෙන් එහි ලේකම් සමාගම වන SSP Corporate Services (Pvt) Ltd විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත්තේ.

ඒ අනුව, ඊයේ (30) දිනයේ සිට එම සමාගමේ කොටස් ගනුදෙනු අද (30) සිට අත්හිටුවනු ලබන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර ඇත.

East West Properties PLC හි විධායක සභාපතිවරයා වන නහිල් විජේසූරිය මහතා සමාගමේ විශාලතම කොටස් හිමියා වන අතර East West Properties PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 36.99% කට ඔහු හිමිකම් කියනු ලබන අතර ඔහු ද ඇතුළුව ඔහුගේ පවුලේ සාමාජිකයින් විසින් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 83%කට වඩා වැඩි ප්‍රමාණයකට හිමිකම් කියනු ඇත.

මේ අනුව, සමාගමේ සෙසු කොටස් හිමියන් සතු කොටස් යළි මිල දී ගැනීම සඳහා සමාගමේ විශාලතම කොටස් හිමියා වන නහිල් විජේසූරිය මහතා සමඟ කටයුතු සංවිධානය කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇති අතර එහිදී එක් කොටසක් රු. 16.00 බැගින් යළි මිල දී ගැනීමට යෝජනා වී තිබේ.

පසුගිය කාලසීමාව තුළ විශාලතම ලැයිස්තුගත සමාගම වූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් ඇතුළු සමාගම් කිහිපයක්ම කොළඹ කොටස් වෙළඳපොල නිල ලැයිස්තුවෙන් ඉවත් වීමට කටයුතු කර තිබිණි. හේලීස් සමූහයේ සමාගමක් වූ Unisyst Engineering PLC සමාගම, නෙස්ලේ, Shalimar (Malay), Selinsing, Good Hope සහ Indo Malay යන සමාගම් පසුගිය එසේ ඉවත් වූ සමාගම් අතර වේ.

Aitken Spence Plantation Management PLC සමාගම ද මේ වන විට කොටස් වෙළෙඳපොළෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්ත වර්ජනයකට දින නියම කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමට...

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා අත්අඩංගුවට...

3I/ATLAS සම්බන්ධයෙන් නාසා ආයතනයේ නිහඬතාවය පිටසක්වල න්‍යායන් පෝෂණය කරන්නක් ද?

සටහන – පුලී ඔක්තෝම්බර් 29, කොළඹ (LNW): අභිරහස් අන්තර් තාරකා ආගන්තුකයෙකු...

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...