ඡන්දය ජයග්‍රහණය කරන සැලැස්ම ඉදිරියේදී ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා අපි හදනවා – දිළුම්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ සටනට සහාය දැක්වීම සඳහා දැනටමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100 කට වැඩි පිරිසක් එක්ව සිටින බව රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා පවසයි.

ප්‍රශ්නය – මොකද වෙන්නෙ ? පොහොට්ටුවේ බහුතරය දැන් ජනාධිපතිතුමා එක්ක ඉන්නවාද ?

“අදම හිටියා 92ක්. තව 06 දෙනෙක් පිටරට ඉන්නවා. ඉතින් 100 කට එහා මන්ත්‍රීවරු ජනාධිපතිතුමා එක්ක ඉන්නවා”

ප්‍රශ්නය – දැන් නාමල් රාජපක්ෂ මහතා කියනවානෙ එතුමන්ලා ගාව තමයි බහුතරය ඉන්නෙ කියලා ?

“ඉතින් අද මෙතන ගණන් ටික ගන්නකො”

ප්‍රශ්නය – දැන් ජයග්‍රහණය කරන්නෙ කොහොමද ඔබතුමන්ලා ? මොනවගේ ප්ලෑන් එකක්ද තියෙන්නෙ ?

“ඒක දැන් ඉදිරියේදී මැතිවරණ සැලැස්ම ජනාධිපතිතුමා එක්ක සාකච්ඡා කරලා අපි හදලා ඒක ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යනවා”

දිළුම් අමුණුගම මහතා මේ බව පැවසුවේ ඊයේ (30) සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: අද (11) පෙරවරුවේදී ජනාධිපති...