ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන ශ්‍රීලනිප සිරිපාල පාර්ශ්වයේ අවසන් තීරණය අද

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මෙවර ජනාධිපතිවරණයේදී සහාය පළ කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ නායකත්වයෙන් යුත් පාර්ශවයේ තීරණය අද (31) දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ පක්ෂ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව අද රැස්වී සාකච්ඡා කිරීමට නියමිත බවත් ජනාධිපතිවරණය සම්බන්ධ විවිධ අදහස් එහිදී සලකා බැලීමෙන් අනතුරුව බහුතරයේ එකඟතාවය මත අවසන් තීරණයකට එළඹෙන බවත් ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වනවිට කොටස් තුනකට බෙදී තිබෙන අතර එම පාර්ශ්ව අතර එකිනෙකාට එරෙහිව නඩු ගණනාවක් ද පවරාගෙන තිබේ.

නිමල් සිරිපාල මහතාගේ පාර්ශ්වය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙන නිමල් ලන්සාගේ කණ්ඩායමත් සමග සන්ධානගතව සිටින අතර මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශ්වය ජනාධිපතිවරණයට විජේදාස රාජපක්ෂ මහතාව ඉදිරිපත් කිරීමට සූදානමින් සිටී. අධිකරණ තීන්දුවක් අනුව ශ්‍රීලනිප මහලේකම් ධුරය යළි හිමිකරගෙන සිටින දයාසිරි ජයසේකර මහතාගේ පාර්ශ්වය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග සන්ධානගත වීමට තීරණය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 වසරට අදාළ පූර්ව අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡාවක්  ජනාධිපති කාර්යාලයේදී!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: අද (11) පෙරවරුවේදී ජනාධිපති...