Ismail Haniyeh ජීවිතක්ෂයට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පලස්තීන හමාස් සංවිධානයේ ප්‍රධානියා ලෙස සැලකෙන ඉස්මයිල් හනියේ ව ඉරානයේ දී ඝාතනය කර ඇති බව එම සංවිධානය පවසන අතර, ඉරාන අගනුවර, ටෙහෙරාන් හි හමාස් නායකයා නැවතී සිටි නිවසට එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව වාර්තා වේ.

හමාස් සංවිධානය චෝදනා කරන්නේ ඊශ්‍රායලය විසින් එම ප්‍රහාරය එල්ල කර ඇති බවයි. නමුත් ඊශ්‍රායලය එම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා නොමැත.

ඊයේ (30) දින ඉරාන නව ජනාධිපති මසූඩ් පෙසේෂ්කියන් ගේ පදවි ප්‍රාප්තියට හනියේ එක්වී සිටි අතර අනතුරුව ඔහු ඉරාන ජනපතිවරයාව සහ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමෙනි ව හමුවී තිබුණි.

ප්‍රහාරය හේතුවෙන් හමාස් නායකයාගේ ආරක්ෂකයෙක් ද මියගොස් ඇති බවද හමාස් සංවිධානය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැස්බෑව ආසනය පිං පොංට දුන්නේ නෑ – පොහොට්ටු සංවිධායක කියයි

රංගන ශිල්පි රජිත හිරාන් (පිං පොං) ශ්‍රී ලංකා පොදුජන...

වැසි තත්වයේ වෙනසක් – අද (30) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 30) දිනයේදී නැගෙනහිර සහ...

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවේ හුන්ඩායි මෝටර් සමූහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සංචාරයක (VIDEO)

සටහන - රුවන් නෙළුගොල්ල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිංගප්පූරුවේ...

කුමන අභියෝග ආවත් ජනතාවට පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් හදලා දෙනවාමයි – කොට්ටහච්චි

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට අසාධාරණ ලෙස විවේචන එල්ල කරන...