කයිල් 54 වැන්නා වෙයි

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 31, (LNW) කොළඹ :

පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 100 නිදහස් ආර පිහිණුම් තරගයට සහභාගි වුණ කයිල් අබේසිංහට තරග වඳින්නට සිඳු වූ මූලික තරගයේ අවසාන ස්ථානය හිමි වුණ ද,තරගයට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් 79 ක් අතරෙන් කයිල්ට 54 වැන්නා ලෙස රැදේනට හැකි වුණා.කයිල් එම ඉසව්ව සඳහා වැය කර ඇති හොඳම කාලය වන තත්පර 50.99 ක කාලය වාර්තා කළත් ඔහුට හිමි වන්නේ 52 වන තැනයි.ඇතැමෙක් ගංඟා සිය මූලික ඉසව්වේ පළමුවැනියා වීම සහ කයිල් සිය මූලික ඉසව්වේ අවසානයට පැමිණීම අතර විශාල පරතරයක් පෙන්වා දෙන්නට උත්සාහ කළ ද,මෙම ප්‍රතිපල දෙකෙන්ම පෙනෙන්නේ ශ්‍රී ලංකාවේ පිහිණුම් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටම දක්වා තව කොතෙක් දුරට දියුණු විය යුතු දැයි යන්නයි.


තවමත් පිහිණුම් තටාග යම් මට්ටමකට රට පුරා ව්‍යාපත් වෙමින් තිබුණ ද,විශාල දැණුම් පද්දතියක් සහ තාක්ෂණික කාරණාවන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිහිණුම් කේෂ්ත්‍රය හරහා තව දුරටත් අවශෝෂණය විය යුතු බව හඟවන මෙවන් ප්‍රතිපල ගැන මේ තත්ත්වයෙන් හෝ රට ලෝකයට රැඟෙන යන ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ට වඩා සිතිය යුත්තේ පහසුකම් ස්ථාපිත කර දිය යුතු පරිපාලකයින්ය.
ඒ නිසා රටේ ක්‍රීඩාව පවතින තත්ත්වය තේරම් නොගෙන කෙනෙක් ඔහු ඉදිරිපත්වන තරගයේ ප්‍රතිවාදීන්ගේ ස්ළුභාවය අනුව පත්වන තත්ත්වය මතු කර පෙන්වීමට වඩා වැදගත් වන්නේ සමස්ත ප්‍රතිපලය තුළ ඔහු හෝ ඇය සිටින ස්ථානය සහ එම ස්ථානය ලබන්නේ කෙතරම් පිරිසක් අතරෙන්ද යන්න අදාළ කර ගැනීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...