වජිරගේ අනතුරු ඇඟවීම!

කොළඹ LNW:එළඹෙන ජනාධිපතිවරණයේදී සම්ප්‍රදායානුකූලව ක්‍රියා කළහොත තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති විය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

සාම්ප්‍රදායික පටුබෙදීම් පසෙක තබා රට හදන ජාතික සැලැස්මට එකඟ වන ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ.

”සැප්තැම්බර් 21 ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වෙන ජනාධිපති මැතිවරණය ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද කියන අර්ථකථනය ගැන මහජනතාව දැනුවත් කළ යුතුයි කියන එකයි අපේ විශ්වාසය. විශේෂයෙන් මතක කරන්න කැමති අද දේශපාලන පැරණි ක්‍රම්වෙද ඔස්සේ ශ්‍රී ලංකාවේ අනාගතය හැසිරවීමට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. අපේ රට කැරළි කිහිපයක් ඇති වුණ රටක්. ඒ වගේම සිවිල් යුද්ධයක් ඇති වුණා. නැවත තුන්වෙනි සිවිල් යුද්ධයක් ඇති කිරීම සඳහා ශ්‍රී ලාංකික මහජනතාවට ජනතාව ජන්දය භාවිතා කරනවාද එසේ නොමැති නම් නැවත ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය තුළ කැරළි කෝලාහල තත්ත්වයක් ඇති නොවීමට තමන්ගේ ජන්දය භාවිතා කරනවාද කියන ප්‍රශ්නය සැප්තැම්බර් 21 ශ්‍රී ලාංකික මහජනතාව අවධානය යොමුකරන්න වෙනවා. මෙතැනදී සාම්ප්‍රදයානුකූලව කල්පනා කලොත්, තමන්ගේ ආගමික පදනම මත ක්‍රියා කලොත්, දේශපාලන මතවාදයන් තුළ ක්‍රියාත්මක වුණොත් එහෙම නැත්නම් කුලවාදය මුල්කරගෙන ක්‍රියා කලොත් තුන්වෙනි සිවිල් යුධයක් ඇති වීමේ වගකීම ඒ සංවිධාන විසින් භාරගත යුතුයි.” යනුවෙන් අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ආශිකා බ්‍රාහ්මණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...