ඇ.ඩො. ට්‍රිලියන 35 ඉක්මවූ අමෙරිකානු රාජ්‍ය ණය!

Date:

රෂිකා හෙන්නායක ජූලි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ප්‍රථම වරට සමස්ත රාජ්‍ය ණය ප්‍රමාණය, අමෙරිකානු ෆෙඩරල් රජයේ ඇ.ඩො. ට්‍රිලියන 35 ඉක්මවා ඇති බව එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසයි.වගකීම් සහිත ෆෙඩරල් අයවැයක් සඳහා වූ කමිටුවේ සභාපති Maya MacGuineas සඳහන් කළේ මෙම ණය ප්‍රමාණය බරපතල තත්ත්වයක් බවයි.

මැතිවරණ වසරේ සම්පූර්ණයෙන්ම අපේක්ෂා කළ හැකි අවදානම් වළක්වා ගැනීමට උත්සාහ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද ඇයගේ අදහස වී තිබෙනවා.

ඇ.ඩො. ට්‍රිලියන 35ක රාජ්‍ය ණය යනු ඇමරිකාවේ එක් පුද්ගලයෙකු සතු ණය ප්‍රමාණය ඇ.ඩො. 103,945 ලෙස‍ට අර්ථ ගැන්විය හැකි යැයි දිගුකාලීන මූල්‍ය අභියෝග ආමන්ත්‍රණය කෙරෙහි අවධානය යොමු කරන පක්ෂග්‍රාහී නොවන සංවිධානයක් වන පීටර් ජී. පීටර්සන් පදනම පෙන්වා දී ඇත.

ළඳරු උපත්, අධික සෞඛ්‍ය සේවා පිරිවැය සහ රජය සිය පුරවැසියන්ට ලබා දී ඇති පොරොන්දු ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් බදු මුදලක් අය නොකිරීම වැනි ව්‍යුහාත්මක සාධක මෙම මූල්‍ය හිඟයට ප්‍රධාන හේතූන් බව එම පදනම සඳහන් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම් සංඛ්‍යාව...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...