කඩවත – කොටුව, වැලිවේරිය – කොටුව හා කිරිල්ලවල – කොටුව බස් වර්ජනයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ (LNW):

කඩවත – කොටුව, වැලිවේරිය – කොටුව හා කිරිල්ලවල – කොටුව යන සියලු බස්රථ අද (31) උදෑසන ධාවනයෙන් ඉවත්ව තිබුණි . එම හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට පත්ව තිබුණි.

ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මඟ හැරීම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ කිහිපයක් කඩිනමින් ධාවනයට එක් කර ඇති අතර, කිරිබත්ගොඩ – පිටකොටුව මාර්ගයේ අලුත් බස්රථ කිහිපයක් සඳහා අවසර ලබාදීමෙන් තමන්ගේ ආදායමට දැඩි පහරක් එල්ල වී ඇතැයි 138 බස් රථහිමියන් පවසයි.

මේ අතර කඩවත – කොටුව බස් නැවතුම් පොළේ මතුවී ඇති විශාල මඩවළ හේතුවෙන් මේ වනවිට බස් රථ කැඩී යන තත්ත්වයට පත්ව ඇතැයි පවසන බස් රියදුරන් වැසිකිළි බළ උතුරා යෑම හේතුවෙන් දැඩි දුර්ගන්ධයක් ප්‍රදේශයේ පවතින බව ද සඳහන් කළේය.

අදාළ හේතූන්ට විසඳුම් ඉල්ලා වර්ජනය ආරම්භ කළ බවත් විසඳුම් නොලැබුණහොත් බස් ධාවනයෙන් තමන් ඉවත්ව සිටින බවත් බස් රියදුරන් පවසන අතර, අදාළ බස් වර්ජනය හේතුවෙන් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහ ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

සටහන - රුවන් නෙළුගොල්ල ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින්...

ලාෆ්ස් ගෑස් මිල වැඩි කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක...

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

HNB කුමන්ත්‍රණය: සියවස් ගණනක ප්‍රෞඩත්වය වනසන අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව වෘත්තීය සමිති පෙරට!

ක්‍රිකට් තරග නොබලන්න ප්‍රේක්ෂකයින් පොළඹවන කඩාකප්පල්කාරී කැම්පේන් එකට අහුවෙන්න එපා !

ඉදිරි දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ක්‍රිකට් තරග නැරඹීමට යාමෙන්...