රනිල්ට මන්ත්‍රීවරු 92ක් ඉන්නවා කියපු කතාවේ පොහොට්ටු වාර්තාව එළියට ඇවිත්ලු

Date:

රනිල්ට මන්ත්‍රීවරු 92ක් ඉන්නවා කියපු කතාවේ පොහොට්ටු වාර්තාව එළියට ඇවිත්ලු. ඇවිත් හිටියේත් මන්ත්‍රීවරු 80යි කියලා කියන්නෙ. පොහොට්ටුවෙන් ඉඳලා තියෙන්නේ 58 දෙනයි! කට්ටියක් මගින් ගිහිල්ලා, පෙළක් අය අත්සන් කරන්නත් බෑ කියලා එහෙමයි ආරංචිය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් පසු ජනාධීපතිවරයාට මන්ත්‍රීවරුන් 92කගේ සහාය හිමිව ඇති බවට පළව ඇති වාර්තා සම්බන්ධයෙන් පොහොට්ටුව විසින් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කොට තිබේ.


එම විමර්ශනයට අනුව ඊයේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට මැතිඇමැතිවරු 80ක් සහභාගී වී ඇති බව වාර්තා ‌වී තිබේ.

එම ප්‍රමාණයෙන් 58 දෙනෙක් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සිට ඇති අතර අනෙක් පිරිස අතර ශ්‍රීලනිපයෙන් බෙදුණු නිමල් සිරිපාල කණ්ඩායම, ඩග්ලස් දේවානන්ද මහතාගේ කණ්ඩායම, නිමල් ලන්සාගේ කණ්ඩායම, ජීවන් තොණ්ඩමන්ගේ කණ්ඩායම ඇතුලු විවිධ පාර්ශ්වයන් සිට ඇති බව පොහොට්ටු විමර්ශනයේදී අනාවරණය වී ඇත.

එමෙන්ම මෙහිදී පොහොට්ටු මන්ත්‍රීවරුන්ගෙන් අත්සන් එකතු කිරීමක් සිදු කොට ඇති නමුත් ඇතැම් මන්ත්‍රීවරුන් ඊට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කොට ඇති බවද පොහොට්ටු විමර්ශනයේදී වාර්තා වී ඇත.

ඇතැමුන් මෙම විමර්ශනයේදී පොහොට්ටු ප්‍රධානීන්ට දැනුම් දී ඇත්තේ රැස්වීම අතරමැදදී පොහොට්ටු මැතිඇමැතිවරු කිහිප දෙනෙක් ජනාධිපතිවරයාට දැනුම් දී රැස්වීමෙන් පිටව ගොස් ඇති බවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...

ගංගාරාම විහාරය අන්තර්ජාතික සංචාරක හා සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත්වෙන ලකුණු!

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : ගංගාරාම විහාරය අන්තර්ජාතික...

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...