කොස්ගොඩ වෙඩිතැබීමක්. තරුණයෙකු මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

කොස්ගොඩ, දූවමෝදර ප්‍රදේශයේදී අද (ජුලි 31) අලුයම සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ 23 හැවිරිදි තරුණයෙකි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක ය.