ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද!

Date:

කොළඹ LNW:සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙය් දෙවන කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීම අද (31) රාත්‍රී යෙදෙන සුබ මොහොතින් සිදුවේ.

පස්වරු 07.01ට යෙදෙන සුබ මොහොතින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහ දේවාල පෙරහැර දළදා පෙරහැර එක්ව වීදි සංචාරයට එක්වේ. දළඳා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ ගමන් කොට රජ වීදියෙන් ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම සිදුවේ.

පළමු කුඹල් පෙරහැර ඊයේ (30) වීදි සංචාරය කළ අතර සධාකුත පෙරහැර කරඩුව වැඩම කරන ලද්දේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාා ඇතු විසිනි. කෝට්ටේ රජ මහ විහාරයේ කෝට්ටේ රාජා ඇතු සහ දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් මියන් රාජා ඇතු දෑලේ ගමන් ගත්හ.

දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පෙරහැර ගමනට එක්වූ අතර පළමු කුඹල් පෙරහැර නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් සහභාගීවීය. පළමු කුඹල් පෙරහැර නැරඹීමෙන් කුඩා දරුවන්ගේ වස් දොස් දුරුවන බවට පවතින මතය හේතුවෙන් කුඩා දරුවන් රැසක් පළමු පෙරහැර නැරඹීම සඳහා සහභාගී කොට තිබිණි.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...