ජනපති යළි දිවයිනට!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා , මාලදිවයින් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක නිරත වූ එම සංචාරය නිමා කරමින් ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණි අතර, ජනාධිපතිවරයා සමග එම සංචාරයට එක්වූ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ අනෙකුත් රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිස ද යළි දිවයිනට පැමිණි බව වාර්තා වේ.

මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 104 දරන ගුවන් යානයෙන් එම පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙන අතර,, ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මාලදිවයිනේ සංචාරය සඳහා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 28 වනදා උදෑසනයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වූණේ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමද් මුයිසු මහතාගේ ආරාධනයකට අනුවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...