වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ගේ තවත් තීරණයක්!

Date:

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW :

වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.එම්.එන්.සී. ධනසිංහ මහතා විසින්, බන්ධනාගාර කොමසාරිස්වරුන් හතර දෙනෙකුට සහ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට නව රාජකාරි පවරා තිබේ.

ඒ අනුව මෙහෙයුම් සහ පාලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.එම්.යූ.ජී.ඒ.කේ. බස්නායක මහතා පත්කර ඇත්තේ බන්ධනාගාර කොමසාරිස් පාලන තනතුරටයි.

බන්ධනාගාර බුද්ධි හා ආරක්ෂණ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ බී.ඩී.එම්.ජී.බී. දිසානායක මහතා බන්ධනාගාර කොමසාරිස් සැපයුම් තනතුරට පත්කර ඇත.

මෙහෙයුම්, බුද්ධි හා ආරක්ෂණ බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස,. බන්ධනාගාර කොමසාරිස් සැපයුම් ධූරයේ මෙතෙක් කටයුතු කළ ආර්.පී.එච්. කුමාර මහතා පත්කර ඇත.

මේ දක්වා බන්ධනාගාර කොමසාරිස් පුනරුත්ථාපන තනතුරේ රාජකාරි කළ ජේ.සී. වීරසිංහ මහතා කර්මාන්ත සහ නිපුණතා සංවර්ධන කටයුතු භාර බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර ඇත.

කර්මාන්ත විෂයභාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ එස්.කේ. පල්ලෙතැන්න මහතා පුනරුත්තාපන කටයුතු භාර වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

මෙම නව රාජකාරි පැවරීම සිදුකර ඇත්තේ අගෝස්තු මස පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩාවේ හෙට දවසට ලාංකේය සූදානමට, බහරේන් හැඟිමක්!

නිශ්මං රණසිංහ නොවැම්බර් 02,  කොළඹ LNW: බහරේන් හී පැවති ආසියතික උළෙලේ...

කිතුනුවන්ට එරෙහි ප්‍රහාර හේතුවෙන් ට්‍රම්ප් නයිජීරියාවට වෙඩි තබන ලෙස පෙන්ටගනයට නියෝග කරයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ක්‍රිස්තියානීන් හට...

කේම්බ්‍රිජ්ෂයර් හි දුම්රියේ පිහි ඇනුමකින් නව දෙනෙකු ජීවිතයට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : නැගෙනහිර එංගලන්තයේ...