එස්.එම් රංජිත්ගේ ඇප ඉල්ලීම කරුණු තහවුරු කිරීමට දින!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW :

බරපතළ වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් නියම වී සිටින උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත් සහ ඔහුගේ නෑනා වන ශාන්ති චන්ද්‍රසේන අය යන අභියාචනයට යටත්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

එම පෙත්සම කරුණු සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අතර, විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලී ශබ්රි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින් මේ වන විට අදාල දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා එම අභියාචනය විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ඔවුන් ඇප මත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිට ඇත.

එම ඉල්ලීම කරුණු තහවුරු කිරීම සඳහා අගෝස්තු මස 25 වනදා කැඳවන ලෙස විනිසුරුවරයා නියම කළ බව පැවසේ.

2012 වසරේ සැප්තැම්බර් මස 27 වනදා සහ 2014 වසරේ දෙසැම්බර් මස 31 වනදා අතර කාලසීමාව තුළ විත්තිකාර එස්.එම්.රංජිත් මහතා උතුරුමැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් ඔහුගේ පෞද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කල විත්තිකාර ශාන්ති චන්ද්‍රසේන යන අයට වැටුප සමග ඉන්ධන දීමනාවක් ලබා දී තිබියදී නීති විරෝධී ආකාරයට ඉන්ධන ඇනවුම්පත් මගින් රුපියල් ලක්ෂය 26 කට අධික මුදලක් ඉන්ධන සඳහා ලබා දීම, එසේ ලබා දීමට රජයේ නිලධාරින් පෙලඹවීමෙන් ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා වරදකරුවන් කෙරුණු එම විත්තිකරුවන් දෙදෙනාට කොළඹ මහාධිකරණය ඉකුත්දා බරපතල වැඩ සහිත වසර 16 ක සිර දඬුවම් හා දඩ මුදල් නියම කළාය.

එම දඬුවමින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් විසින් මෙම අභියාචනාධිකරණයට අභියාචනා පෙත්සම් ඉදිරිපත් කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චාමර සම්පත්ට නඩු 04කට ඇප. එක නඩුවකට තවදුරටත් රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින්...

සුළි කුණාටු අවදානම හේතුවෙන් තායිවානයේ ගුවන් ගමන් 1,000කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : තායිවානයේ...

ඇමෙරිකාව හා ඊශ්‍රායලය යළි ප්‍රහාර එල්ල කළහොත් ගල්ෆ් කලාපයේ තෙල් හා AI මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 23 : ඇමෙරිකා...

NDTV World Summit හිදී නි. අමාත්‍ය චතුරංගගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 23, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...