*
Tuesday, September 24, 2024
spot_img

Latest Posts

තෙල් නැතිව තෙල් සංස්ථාව කෝටි හතලිහක අතිකාල ගෙවලා

ඉන්ධන අර්බුදය රටම නතර කර ඇත්තේය. ආණ්ඩුවේ කන්තෝරු වැඩ කරන්නේ සතියට දවස් තුනකි. විභාග කටේ තිබුනත් පාසැල්ද පැවැත්වෙන්නේ සතියට දින තුනකි.පෞද්ගලික බස් රථ වලින් ධාවනය වන්නේ 15% කි. දිනකට අවලංගු කරනා දුම්රිය ගමන් වාර ගණන සියය ඉක්මවයි. මේ සියල්ලට හේතුව ඉන්ධන අර්බුදයයි. අප කටට හුරු නිසා ඉන්ධන අර්බුදය ලෙස හැඳින්වුවද අර්බුදය ඇත්තේ ඩොලර්වල මිස ඉන්ධනවල නොවේ. අර්බුදයේ හේතුව කුමක් වුවත් ප්‍රතිඵලය ලෙස රටේම වැඩ නතරව ඇත.

පසුගිය මාසයේ (ජූනි 18 සිට ජූලි 19 දක්වා) රටේම තෙල් තිබුනේ නැත. රටේම
තෙල් නොතිබුනද තෙල් සංස්ථාවනම් මාසයේ දින 30 ම වැඩ කරලාය. රටටම නිවාඩු දෙන ආණ්ඩුව තෙල් සංස්ථා සේවකයනට නිවාඩු නොදෙන්නේ මන්දැයි ඔබට සිතෙන්නට පුළුවන . සැබැවින්ම සිදුවන්නේ ආණ්ඩුව නිවාඩු නොදීම නොව සංස්ථා ලොක්කෝ නිවාඩු නොදී සේවකයන් වැඩට කැඳවීමය.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක සංඛ්‍යව 5700 කි. ඊට අනුබද්ධ සපුගස් කන්ද තෙල් පිරිපහදුවේ සේවක ප්‍රමාණය 1500 කට ආසන්නය. මෙම ආයතන ද්විත්වයේම සේවකයෝ පසුගිය මාසය පුරා සේවයට කැඳවා ඇත. ආයතනයක සේවකයන්ට විකල්ප ආදායම් මාර්ග නැති නිසා ඔවුනට වැටුප ගෙවීමේ යම් සාධාරණයක් ඇති බව කෙනෙකුට තර්කළ හැක. එහෙත් සතියට දින තුනක් පමණක් රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන්නට නියම කළ පසුත් සතියේ දින පහම ඔවුන් කැඳවා එම දින වලට වැටුපට අමතරව අතිකාල දීමනාද ගෙවා, ඉන්ද නොනැවතී සෙනසුරාදා, ඉරිදා දින දෙකේද සේවකයන් කැඳවා එම දින දෙක සඳහාද අතිකාල දීමනාද ගෙවිම කිසිසේත් සාධාරණය කළ නොහැක.

කාර්යාලවල සේවකයන් කැඳවීම දැඩිව සීමා කර ඇති අවදියක ඒ නීතිය නොතකා තෙල් සංස්ථා සේවකයන් වැඩට කැඳවීම නිසා රුපියල් කෝටි 40 කට ආසාන්න මුදලක් එම සේවකයනය අතිකල වශයෙන් ගෙවන්නට සිදුව තිබේ. ඕනෑම ආයතනයක සේවකයනට බලහත්කාරයෙන් සේවයට පැමිණිය නොහැක. තෙල් සංස්ථා සේවකයන්ද එහි ඉහළ නිළධාරීන් විසින් සේවයට කැඳවා තිබේ. එලෙස සේවකයන් කැඳවීමට හේතුව සොයා බැලීමේදී දැනගත හැකිවූයේ සේවකයන්ගේ අතිකල දීමනා නතර කළේනම් ඔවුන් වැඩ වර්ජන කරනා බවයි. එසේ වුවහොත් ආයතනයේ ලොක්කන්ටද ගසා කෑමට ඇති අවස්ථා සිමාවෙන නිසා මහජන මුදලින් අතිකාල ගෙවා සේවකයන් වැඩට කැඳවීම සිදුවෙන බව
වාර්තාවෙයි.

ලංකාවේ ඉන්ධන වෙළදාමේ ඒකාධිකාරිය 1960 දශකයේ පැවතියේ පෞද්ගලික අංශය සතුවය. ෂෙල්, කැල්ටෙක්ස් සහ එසෝ යනු එකල ලංකව් තෙක් බෙදු ආයතනයි. ඒවා සියල්ල ජනසතු කර තෙල් වෙළඳම රජය සතු ඒකධිකාරියක් ගොඩ නැංවූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජයයි. එකල තෙල් වෙළඳාමේ වර්ජන තර්ජන තිබුනේ නැත. කුමක් හෝ අවාසනාවට තෙල් වෙලඳාමට අණ්ඩුව අත ගැසූ දා සිටම වන්නේ ආරවුල් ය. විටෙක වර්ජනය. තවත් විටක අකුරට වැඩ කිරීම් ය. එනිසා හැකි විගස ඉන්ධන බෙදා හැරීම මුළුමණින්ම හෝ ඉන් බහුතරයක් පෞද්ගලීකරණය කිරීම අත්‍යාවශ්‍යය කරුනකි,

මෙ දිනවල ලංකාවේම තෙල් නැත. එහෙත් පසුගිය 25 වන්දා විට මෙරට පැවති ඩීසල් සංචිතය මෙට්‍රික් ටොන් 80,000 කි. පෙට්‍රල් සංචිතය මෙට්‍රික් ටොන් 70,000
කි. මෙතරම් තෙල් සංචිතයක් තිබියදීත් ආණ්ඩුව තෙල් බෙදන්නේනැත. ඒ අන්
කිසිවක් නිසා නොව තෙල් වෙළඳාම යට ඇති කොමිස් ගණුදෙනු නිසාය. තෙල්
ආනායනයේදී වගකිවයුතු පාර්ශවයනට අතයට ගෙවන ගෙවිම් විශාලය.මෙම ගෙවීම් කොමිස් ලෙස හැඳුන්වුවද සැබැවින්ම ඒවා හැඳින්විය යුත්තේ කප්පම් ලෙසය. මෙලෙස කප්පම් ගන්නා පාර්ශව අතර බලයෙන් නෙරපන ලද රටේ බලවත්ම දේශපාකන පවුලක ඔටුන්න හිමි කුමාරයෙක්ද සිටිනා බව වාර්තාවේ.

පවතින විදුලි කප්පාදුව නිසා රටේ බොහෝ කර්මාන්ත බිඳවැටෙමින් ඇත. එහෙයින් කර්මාන්ත කරුවෝ සිය ජනක යන්ත්‍ර ක්‍රියාකාරීව පවත්වාගෙන යාමට සංස්ථාවෙන් තෙල් ඉල්ලා සිටිති. ඒ සඳහා ඔවුන් ඩොලර් මිලියන 15 ක පමණ මුදලක් සංස්ථවට ගෙවා ඇත. එහෙත් තෙල් නැත. ඉන්ධන පිරවුම් හල් හිමියෝද සංස්ථාවට මුදල් ගෙවා ඇතත් ඔවුනටද තෙල් ලැබි නැත. රෝගියෙක් රෝහලකට ගෙනයන්නට තෙල් බිඳක් නැති රටේ තෙල් බෙදෙන්නේ හරි අපූරු ආකාරයටය. ත්‍රීවිල් මාෆියාව තෙල් පෝලිම් වෙළාගෙන ජනතාව සූර කමින් සිටියදී කොලොන්නාව පර්යතයේඇති පිරවුම් හලින් සිත්සේ තෙල් ලබාදේ. සංස්ථාවේ ඉහළ නිළයන්ට. ඔවුන්ගේ අඹු දරුවනට පමණක් නොව සංස්ථා සේවකයන්ට, දේශපාලනඥයන්ට සහ ඔවුනගේ හොර අඹුවන්ට පවා කිසිම චකිතියකින් තොරව කොලොන්නාවෙන් තෙල් ගසයි. සාමාන්‍ය ජනයාට සිදුව ඇත්තේ හිත
හදාගෙන පෝලිමේ ඉන්නය.

නිර්මාල් දේවසුරේන්ද්‍ර (SATHIYA)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan