2026 පළමු මාස හයේදී සුරාබදු ආදායමේ සුවිශේෂී වර්ධනයක්. මත්පැන් නිෂ්පාදනයත් ඉහළට

2026 වසරේ පළමු අඩවසර තුලදී රුපියල් බිලියන 141.5 ක බදු මුදලක් රජය වෙත අයකරදීමට කටයුතු කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එය තමන් වෙත ලැබී තිබූ ඉලක්කගත ආදායමට සාපේක්ෂව 118.6 % කින් ඉහළ අගයක් බවයි නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

එම කාලසීමාව සඳහා ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුවට ලැබී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 119.3 ක් වන අතර 2026 සමස්ත වසර සඳහා එම දෙපාර්තමේන්තුවට ලැබී ඇති ආදායම් ඉලක්කය රුපියල් බිලියන 245 කි.

2025 වර්ෂයේ පළමු මාස හයේදී සුරා බදු දෙපාර්තමේන්තුව විසින් උපයාගත් ආදායම වන රුපියල් බිලියන 117.03 ට සාපේක්ෂව මේ වසරේ එම කාලසීමාවේදී 120.91 % ක ඉහළ ආදායමක් රජයට අයකරදීමට සමත් වී ඇති අතර මේ සඳහා සියලු ශ්‍රේණිවල සුරා බදු නිලධාරීන්ගේ පුර්ණ කැපවීම හා අධීක්ෂණය හේතු වී ඇති බවත් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.බී. එන්. ඒ. පේමරත්න මහතා පවසයි.

එමෙන්ම 2025 වසරේ පළමු අඩවසර තුලදී මත්පැන් නිෂ්පාදනය සදහා යොදාගන්නා ලද නිරපේක්ෂ මධ්‍යසාර (Absolute Alcohol) ප්‍රමාණය ලීටර මිලියන 17.25 ක් වන අතර මේ වසරේ පළමු අඩවසර තුලදී යොදාගත් නිරපේක්ෂ මධ්‍යසාර ලීටර මිලියන 19.6 ක් ලෙස වර්ධනය වී තිබේ. එය 2025 වර්ෂයට සාපේක්ෂව 113.6% කින් ඉහළ යාමකි.

විශේෂයෙන්ම රජය විසින් මත්පැන් පරිභෝජනය අවම කිරීමේ පරමාර්ථයෙන් වරින්වර මත්පැන් මිල වැඩි කලද, මත්පැන් නිෂ්පාදනාගාර සහ ස්කාගාර නිරන්තරව දැඩිව අධීක්ෂණය කිරීම, නව ආරක්ෂිත සලකුණු (ස්ටිකරය ) හඳුන්වා දීම, නීති විරෝධී ලෙස නිපදවන ස්ප්‍රීතු සම්බන්ධ විමර්ශන තීව්‍ර කිරීම, මත්පැන් නිෂ්පාදනාගාර සහ බලපත්‍ර ස්ථාන නිරන්තර පරීක්ෂාවන්ට ලක්කිරීම වැනි ක්‍රියාමාර්ග මෙසේ සුරා බදු ආදායම වැඩි කිරීමට මෙන්ම සුරක්ෂිත කිරීමට ද බෙහෙවින් ඉවහල් වී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිවේදනයේ සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

22 වන සංශෝධනය විශාල බහුතරයකින් සම්මත වෙයි: පක්ෂව 158යි විරුද්ධව ඡන්ද 63යි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : 22 වන ආණ්ඩුක්‍රම...

22 තුනෙන් දෙකෙන් සම්මතයි !

සටහන - රුවන් නෙළුගොල්ල 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්...

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...