විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය කටයුතු කිරීම යනු අවංකවම මේ රට ගැන හැඟීමක් ඇති මිනිසුන්ට සතුටුදායක පුවතක් බව වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
“අධිකරණ වැඩිකරන්න තියෙනවා, අධිකරණයේ ඉන්න විනිශ්චයකාරවරු වැඩිකරන්න තියෙනවා, ඊළඟට ඒක ප්‍රමාණවත් නොවන හින්දා අපි දැනට සාකච්ඡා කරමින් යනවා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ වයස් සීමාව ටිකක් වැඩිකරලා යුක්තිය සාධාරණත්වය ඉක්මනින් ඉටුකරලා දෙන ක්‍රමවේදය සකස් කරන්න. ඉතින් දැන් ඒකෙ ප්‍රතිඵල ටිකෙන් ටිකෙන් එන්න පටන් අරන් තියෙන්නෙ. නඩු වේගවත් වෙලා තිබෙනවා, තීන්දු ලබාදෙන්න පටන් අරන් තිබෙනවා. අවංකව මේ රට ගැන හැඟීමක් තියෙන මිනිස්සුන්ට සතුදායක පුවතක් කියලා මම හිතනවා මේ කාරණය”
සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා මේ බව පැවසුවේ බදුල්ල, තෙල්බැද්ද NPP කොට්ඨාස සභාව ප්‍රතිසංවිධානය කිරීම වෙනුවෙන් පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


