රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW :
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට එරෙහි නඩුවේ තීන්දුව අද (ජූලි 31) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඊට අදාළව ක්‍රියා නොකිරීම සහ එම ඛේදවාචකය වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් පියවර නොගැනීම යන චෝදනා ඇතුළුව, අපරාධමය වශයෙන් සිය රාජකාරි පැහැර හැරීමේ චෝදනා මෙම හිටපු ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනාට එරෙහිව ගොනු කර ඇත.
නීතිපතිවරයා විසින් පවරන ලද මෙම නඩුව, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කෙරිණි.
පැමිණිල්ල සහ විත්තිය විසින් සිය කරුණු දැක්වීම් අවසන් කිරීමෙන් අනතුරුව මෙම නඩු විභාගය මෑතකදී නිමාවට පත් වූ අතර, ඒ අනුව අද (31) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත මෙම තීන්දුව පිළිබඳව දැඩි අවධානයක් යොමුවී තිබේ.


