ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහාය දෙන රටවලට අනුරගෙන් විශේෂ ඉල්ලීමක් (VIDEO)

Date:

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට සහාය දෙන සියලුම රටවලින් තමන් විශේෂ ඉල්ලීමක් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා යම් රාජ්‍යයක් සහාය දෙනවා නම් අපි ඒකට ප්‍රශංසා කරනවා. නමුත් ඒ හැම රටකින්ම අපි ඉල්ලා හිටිනවා – අද ණය ප්‍රතිව්‍යුහගත කිරීමට හේතුවුණේ මොකක්ද, එම ලබාදීපු ණය අදාළ ව්‍යාපෘතිවලට යොදවා නොමැතිකම. ඒ නිසා තමයි විගණකාධිපතිවරයා කියන්නේ රුපියල් කෝටි ලක්ෂ 8ක් වන ණයවලින් රුපියල් කෝටි ලක්ෂ 2ක තමයි වත්කම් තිබෙන්නේ කියලා. සියයට විසි පහක. ඒ නිසා ඒ රටවල්වලට ණය ප්‍රතිව්‍යුහගත කරනවා වගේම තමන් දීපු ණයවලට මොකක්ද වුණේ කියලා පරීක්ෂා කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: පන් පසිඳුවන්ගේ වීර කතාවන්ට පණ දුන් බ්ලයිටන් ගේ උපන් දිනය අදයි!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද කොමිෂන් සභාවේ සභාපති ධුරයට නව මුහුණක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 11, කොළඹ LNW: ප්‍රකට වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු හා...