බටහිර නිදහස් ලෝකයේ ඔවුන්ගේ ජාතිය කොඩිය ඔවුන් පළඳින පාවහන් වල සහ කාන්තා යට ඇඳුම්වල මුද්‍රණය කර තිබෙනු මා දැක ඇත නමුත් ඒ ක්‍රියකාරකම් දැක බටහිර මහා සමාජය කුළප්පුවන්නේ තැත. හේතුව බටහිරයන්ට කොඩියකින් ගීතයකින් ස්වකීය අභිමානය කෘතීමව ඉහලට ඔසවාගැනීමේ උවමනාවක් නොවීමය, සහ ඔවුන්ගේ සෑම සියළු දෙය තුලම ඒ දියුණුව,අබිමානය ඉබේම විද්‍යාමාන වීමයි..
හේතුව ජාතිය සංඛේතවත් කෙරෙන ගීයකට, කොඩියකට අභිමානය ලැබෙන්නේ සමස්ථ ජාතියේම දියුණුව හා ශිෂ්ඨත්වය තුලින්ම මිස එයින් පරිබාහිරව නොවේ. අචේතනික කොඩියක් ඇඳූමක මුද්‍රණය කරගෙන අඳින පුත්ගලයෙකුට හිංසා කිරීම කොඩිය ඇඳුමේ මුද්‍රණය කරාට වඩා අශිෂ්ඨ ක්‍රියාවක් බව බටහිර සිවිලියස් වූ සමාජය දනී..
නමුත් පසුගාමී සමාජයක් වෙසෙන බූමියක ඇත්තේ මෙහි විරුද්දාබාෂයකි. එවන් රටවල්වල ජාතිය නායගොස් බංකොලොත් වී තිබුනද ජාතික සංඛේත පූජනීය වස්තූන් ලෙස කරතබාගෙන සිටී..එවන් රටක කොඩිය පාවහන් තුල මුද්‍රණය කර පළඳිනු දුටුවහොත් පළදින්නාගේ හතර හන්දි කඩා මහ උළු ගෙදරටද දක්කනු ඇත.
මා මේ ලිපිය ලියන්නේ උමාරා ජාතික ගීයේ මාතා කොටස මහතා යනුවෙන් ගායනා කිරීම භූමිකම්පාවක් ලෙස ගනිමින් මුණුනුපොතේ තිබූ වාදවිවාද වලට ප්‍රතිචාර ලෙසින් ය…
මගේ අදහස නම් සියල්ල කෙලවී පුළුවන් පුළුවන් එවුන් මේක අත ඇරලා යන සහ බැරි බහුතරය සාගතයකට වැටෙමින් තියෙන බිමක ගීතයේ මහතා හෝ මාතා අතර ඇති ලොකු වෙනස මොකක්ද යන්නෙහි ය….
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN