සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): දඹුල්ල, අනුරාධපුර, කැකිරාව, හොරොව්පතාන, පොලොන්නරුව, කැබිතිගොල්ලෑව සහ කන්තලේ ඩිපෝවලට අයත් ලංගම බස් රථ වර්ජනයක් ආරම්භ කර ඇත. ඒ පහරදීමක් මුල්කරගනිමින්
මෙලෙස වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වේ.
හොරොව්පතාන ලංගම බස් ඩිපෝවේ ඩිපෝ පරීක්ෂක වරයකු පෞද්ගලික බස් රථයකින් රැගෙනගොස් පහර දීමේ සිද්ධිය හෙළා දකිමින් මෙම වර්ජනය ආරම්භ කර ඇත.
හදිසි වර්ජනය හේතුවෙන් උදෑසන රාජකාරී කටයුතු සඳහා මෙන්ම විවිධ අවශ්‍යතා සඳහා ගමන් බිමන් යාමට පැමිණ සිටි මගීන් බොහෝ පිරිසක් මේ වනවිට මහත් අපහසුතාවයට පත්ව ඇති බවයි පැවසෙන්නේ .
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??