ලබන වසර මැතිවරණ වසරක්.එජාප බලයක් ගන්න දැන්ම සූදානම් වෙන්න – රුවන් විජේවර්ධන

Date:

කොළඹ LNW:රට හදන්න හැකියාව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් වන අතර ලබන ජනාධිපතිවරණදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට දැන් සිටම සියලු දෙනා එකමුතුව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

රාජ්‍ය නායකයින් සමඟ මුහුණට මුහුණ සාකච්ජා කරමින් රටට අවශ්‍ය දේ කරගැනීමට හැකියාව ඇත්තේ රනිල් ජනාධිපතිතුමන්ට පමණක් බවයි විජේවර්ධන මහතා සඳහන් කරන්නේ.

රට නිවැරදි තැනට ගෙනඑමින් ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් දිය හැක්කේ වික්‍රමසිංහ මහතාට වන බව හෙතෙම කියාසිටියි.

ඒ අනුව ලබන වසරේදී ජනාධිපතිවරය,මහමැතිවරණය සහ පළාත් සභා මැතිවරණය පැමිණිය හැකි හෙයින් ඊට සියලු දෙන සූදානම් වන ලෙස විජේවර්ධන මහතා පවසයි.

වික්‍රමසිංහ මහතාගේ සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමට නම් පාර්ලිමේන්තුවේද එක්සත් ජාතික පක්ෂය මූලිකත්වය තිබෙන බලයක් අත්පත්කරගත යුතු බවද හෙතෙම අවධාරණය කරයි.

විජේවර්ධන මහතා මෙම අදහස් පළකළේ ඊයේ (30) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ කඩුවෙල ආසන බල මණ්ඩල රැස්වීම අමතමිනි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භාෂිගේ ප්‍රතිශතය සියයට 98

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ඉන්දියාවට එරෙහිව අද ශ්‍රී...

කතරගම පඬුරුවලින් රෝහල් හදන බස්නායක නිලමේ

රුහුණු රටේ තෙද නාමය ලොවම සුපතල කළ ‘රුහුණු මහා...

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග අංශය වසා දමයි !

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු රෝග වාට්ටුව (Neurosurgical ward )...

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය 

ඇමරිකාවේ මැගා පප්පලා, නිල් සොම්බිලා සහ සෝරාන් මම්දානිගේ ආගමනය