පුටින් – සෙලෙස්කි යුද්ධ සංග්‍රාමයේ අලුත්ම උණුසුම!

යුක්රේන ජනපති Volodymyr Zelensky මොස්කව් අගනුවරට ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු , රුසියාවට යුද්ධය යළි පැමිණෙන බවට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවට පහර දීම දෙරට අතර යුද්ධයේ “නොවැළැක්විය හැකි, ස්වාභාවික සහ සාධාරණ ක්‍රියාවලියක්” බව ජනපති සෙලෙස්කි ප්‍රකාශ කරයි.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ යුක්රේන ඩ්‍රෝන යානා තුනක් ඉරිදා කඩා වැටී ඇති අතර දෙකක් කාර්යාලවලට ද කඩා වැටී ඇති බවයි. Vnukovo ගුවන් තොටුපළ ද තාවකාලිකව වසා දැමීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඉකුත් ඉරිදා අලුයම කියා සිටියේ, Kyiv ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව යුක්රේන ඩ්‍රෝන යානා තුනක් මොස්කව් නගරයට ඉහළින් බිම හෙලූ බවත්, එකක් වෙඩි තබා බිම හෙලූ බවත්,දෙකක් ගොඩනැගිලි සංකීර්ණයකට කඩා වැටී ඇති බවත් ය.

මොස්කව් වෙත රාත්‍රී කාලයේ එල්ල කළ යුක්‍රේන ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු සෙලෙන්ස්කි පැවසුවේ, “විශේෂ හමුදා මෙහෙයුමේ’ 522 වැනි දිනය අද” බව යි.

සටහන – නිපුනි ලියනගේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශිරන්ති 24 FCID කැඳවලා ද? පොලීසිය කියන කතාව!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳවන ශිරන්ති රාජපක්ෂට...

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට තනතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකා මුස්ලිම්...

නාමල් සැප්. 23 වන දක්වා යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ශ්‍රී ලංකන් ගුවන්...