ශ්‍රී ලංකා සහ ජපානයේ වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව  පුළුල් කිරීමට පියවර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (31) අධ්‍යාපන අමාත්‍යාංශයේදී , ශ්‍රී ලංකා සහ ජපානයේ වෘත්තීය අධ්‍යාපන සහයෝගීතාව වඩාත් පුළුල් හා සවිමත් කරගැනීමට අදාළව අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග ජපාන රාජ්‍ය අමාත්‍ය ෆුජිමරු සතෝෂි හා හිටපු ජපාන රාජ්‍ය අමාත්‍ය කෝසෝ යමමොටෝ යන මහත්වරුන් සාකච්ඡාවක් පවත්වා ඇත.

එම සාකච්ඡාවට මෙරට ජපාන තානාපති මිෂු කොෂි හිදේකි මහතා ද එක්ව ඇති අතර ,  ප්‍රශස්ත මට්ටමේ වෘත්තීය පුහුණු අවස්ථා සහිත ජපන් අධ්‍යාපන ක්‍රමවේද මෙරට අධ්‍යාපන ක්‍රියාවලියට අනුරූපව අදාළ කරගැනීම පිළිබඳ උනන්දුව හා අවධානය යොමු කරන බව මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා ඇත. ඒ සඳහා ජපාන රජයේ සහයෝගය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරයා එහිදී පැවසුවා.

ජපන් ටෙක් ආයතනය හරහා මෙරට තරුණ ශ්‍රමිකයන්ට වෘත්තීය පුහුණු අවස්ථා ලබා දීමටත් ජපන් භාෂාව උගන්වන ගුරුවරුන් විධිමත් ලෙස පුහුණු කිරීමට අවශ්‍ය සහාය ලබාදීමටත් මෙහි දී ජපන් රාජ්‍ය අමාත්‍යවරුන් එකඟතාව පළ කර තිබෙන අතර , මෙරට සිසුන්ට හා ශ්‍රමිකයන්ට එරට අධ්‍යාපන අවස්ථා හා රැකියා අවස්ථා වැඩි වශයෙන් උදා කරගැනීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවයි සඳහන් වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...