ආහාර හිඟයට මුහුණ දීමට සූදානම් වන්න – මහින්ද අමරවීර

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): දැනට පවතින නියං තත්ත්වය ඉදිරියේ දී තවත් දරුණු විය හැකි බැවින් මීළඟ මහ කන්නය අසාර්ථක වුවහොත් රටට ආහාර හිඟයකට මුහුණ පෑමට සිදුවිය හැකි යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා . ඒ සඳහා මුහුණ දීමට වගා කළ හැකි සෑම ස්ථානයකම කුමක් හෝ ආහාර බෝගයක් වගා කිරීමට පියවර ගන්නා ලෙසයි අමාත්‍යවරයා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටී.

අඟුණකොලපැලැස්ස ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 10ක ක්‍රියාත්මක කර තිබෙන ගෙවතු වගා වැඩ‍සටහන තුළ ප්‍රතිලාභීන් 250කට අවශ්‍ය පැළ කට්ටල ලබා දීමේ වැඩසටහනට එක් වෙමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ.

එම වැඩසටහන මගින් ආරම්භ කළ එළවළු හා පළතුරු වගාවන් මෙන්ම කුකුළු පාලනය හා ගව පාලනය යටතේ ගොවි ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නංවාලීමට හැකියාව ලැබී ඇති බවද සඳහන් වේ.

මෙහිදී වැඩිදුරටත් අමාත්‍යවරයා පවසන්නේ,

“ දැවැන්ත නියඟයක් හා ආහාර හිඟයක් සම්බන්ධව මුලු ලෝකයම අනතුරු අඟවා තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය රජය පසුගිය සතියේ සිට සහල් අපනයනය නවතා දැමුවා. අපේ රටට සහල් අවශ්‍ය වුවහොත් මිල දී ගත්තේ ඉන්දියාවෙන්. නමුත් දැන් ඉන්දියාව සහල් අපනයනය නවතා ඇති නිසා අපිට සහල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. හැකියාව තිබුනත් සහල් ආනයනය කරන්න සල්ලිත් නැහැ

ඒ වගේම අපේ රටේ ආහාර සංචිතයක් නැහැ. වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී නොගත් නිසා හදිසි අවශ්‍යතාවයකට යොදා ගැනීමට වී තොග ද අප සතුව නැහැ. ඒ නිසා ඉදිරි කාලයේ රටේ මිනිස්සු ආහාර හිඟයට කොහොම මුහුණ දෙයි දැයි හිතාගන්නටවත් බැහැ

නමුත් තවමත් දිස්ත්‍රික්ක දෙක තුනක හැර අනෙක් ප්‍රදේශවලට ජලය ගැටලුවක් නැහැ. ඒ නිසා වගා කළ හැකි හැම බිම් අඟලක්ම වගා කරන ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා”

යනුවෙනුයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...