මේ රජය උපාධිධාරීන්ව රැවැට්ටුවාට මම ඔවුන්ගේ ගැටලුවට අනිවාර්යයෙන්ම විසඳුම් දෙනවා – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අසහනයටත් පීඩනයටත් පත් වූ විරැකියාවෙන් පෙළෙන උපාධිධාරීන් 50000කට ආසන්න පිරිසක් සිටින බවත් මොවුන්ට අදාළ විසදුම් වත්මන් රජයෙන් ලබා දෙන්නේ නැතිනම් සමගි ජන බලවේග රජයක් තුළ අනිවාර්යයෙන්ම විසඳුම් ලබා දෙන බවත් පසුගිය කාලයේ මේ ගැන තමා අවස්ථා රැසකදී පාර්ලිමේන්තුවේ කතා කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සෑම උපාධිධාරියකුටම රැකියාවක් ලබා දීම මෙන්ම විවිධ අවස්ථා හරහා ව්‍යවසායකයන් වීමට අවස්ථාව ලබා දෙන බවත් ඒ සඳහා මූලික හා කාරක ප්‍රාග්ධනය ලබා දිමත් රජයේ රැකියා මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ලබා දීමත් තමාගේ අරමුණ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේම රාජ්‍ය පාලනය ඩිජිටල්කරණය කිරීම තුළ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන අයටද රැකියා ලැබෙන බවත් ඊට අමතරව තොරතුරු තාක්ෂණ උද්‍යාන ආරම්භ කරන බවත් ඒ තුළින් ද රැකියා උත්පාදනය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බවකියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී රැකියා විරහිත උපාධිධාරීන් සමග සිදු කළ සාකච්ඡාවක් අතරතුරදීය.

උපාධිධාරීන් ට මූලික ආදායමක් ලබා ගැනීමට හැකි තත්ත්වයක් ගෙන ඒම තම අභිලාෂය බවත් මෙය දේශපාලන සූදුවක් නොවන බවත් රජය මෙන් දේශපාලන සූදු හා ඇන්දවිලි තමා ක්‍රියාත්මක නොකරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මේ වන විට උපාධිධාරීන් ලියාපදිංචියක් කරන බවත් එය තනිකර මැතිවරණ ඇන්දවිල්ලක් දේශපාලන අභිලාෂ වෙනුවෙන් රජය එය සිදු කරන බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ විජ්ජාවලට හසු නොවන ලෙසත් ආණ්ඩුකාරවරයා ලවා කරන්නේද විජ්ජාවක් බවත් මොවුන් උපාධිධාරීන්ට රැකියා ලබා දීමට පෙර ඔවුන්ගේ ගෝලයන්ට රැකියා දුන් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

උපාධිධාරීන් සියලු දෙනාගේ මූලික ආදායම සහතික කරන බවත් ඒ වැඩපිළිවෙළ තමා සතු බවත් රජය මෙන් තවදුරටත් උපාධිධාරීන්ව ඇන්දවීම තමා කිසිසේත්ම නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ඇයි?

රුපියල් බිලියන 500ක අතුරු අයවැයක් රජය අද (දෙසැම්බර් 18...

අස්වැසුම ප්‍රතිලාභීන් කළ කැපකිරීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අස්වැසුම ප්‍රතිලාභීන් විසින්...

ගුවන ඉහළින්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දේශිය රග්බි පිටියේ ප්‍රධානතම...

කඳුකරයට ඇද හැලෙන වැසි සමඟ වාන් දමන ජලාශ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:යළි වර්ෂාව ඇද හැලීමත්...