සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 27: එක්සත් රාජධානියේ සුපිරි වෙළෙඳසැල් වෙත ආපසු භාරදෙන දෝෂ සහිත විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ අවසානයේ ඝානාවේ පිහිටි දැවැන්ත ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය බැහැර කරන ස්ථානයකට යොමු වන බව විමර්ශනයකින් අනාවරණය වී තිබේ.
මෙම ස්ථානයේ රූපවාහිනී, ශීතකරණ, පරිගණක ඇතුළු විවිධ ගෘහස්ථ විදුලි උපකරණ විශාල වශයෙන් ගොඩගැසී ඇති අතර, ඒවායේ ඇති වටිනා ලෝහ හා අනෙකුත් කොටස් ලබාගැනීම සඳහා සේවකයන් විසින් උපකරණ ගිනි තබමින් සහ කඩා බිඳ දමමින් සිටින බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම කටයුතුවල නිරත වන සේවකයන් මුහුණු ආවරණ ඇතුළු මූලික ආරක්ෂක උපකරණ පවා නොමැතිව සේවය කරන බව විමර්ශනයෙන් හෙළි කර ඇත.
ඉලෙක්ට්‍රොනික උපකරණ ගිනි තැබීමේදී නිකුත් වන විෂ සහිත දුමාරය සහ රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සේවකයන්ගේ සෞඛ්‍යයට මෙන්ම අවට පරිසරයට ද බරපතළ බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතී.
මෙම අනාවරණයත් සමඟ භාවිතයෙන් ඉවත් කරන විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ නිසි ලෙස කළමනාකරණය කිරීම, ඒවා අපනයනය කිරීමේදී අනුගමනය කළ යුතු නීතිරීති සහ අපද්‍රව්‍ය බැහැර කිරීමේදී අදාළ රටවල් සතු වගකීම් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යළිත් යොමුව තිබේ.
පාරිභෝගිකයන් විසින් ආපසු භාරදෙන හෝ ඉවත දමන විදුලි උපකරණවල අවසාන ගමනාන්තය පිළිබඳව ද ප්‍රශ්න මතු කරන මෙම සිදුවීම, ගෝලීය ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අර්බුදයේ තවත් පැතිකඩක් හෙළි කරයි.

