මැතිවරණ සමයේ මගේ ඉංග්‍රීසිවලට විහිළු කළ අයට අද ඉංග්‍රීසි භාෂාවේ වැදගත්කම තේරුන එක ගැන මට සතුටුයි – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

තමා ජනතාවගේ ගැටලුවලට උදව් කරන විට එයට බැන්න පිරිසක් සිටි බවත් බෙදනවා යැයි කියා චෝදනා කළ බවත් මේ චෝදනා සිදු කළේ යමක් කමක් ඇති පුද්ගලයන් බවත් රටක් ලෙස මේ කුහකත්වයෙන් මිදී දුෂ්කර තත්ත්වයෙන් සිටින ජනතාවට අතහිත ලබා දිය යුතු බවත් මේ වන විට රටේ තැන ඇත්තේ කයිවාරුවට සහ සෝබනයට බවත් තමාගේ ඉංග්‍රීසිවලට සහ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රචලිත කරන විට එයට චෝදනා කළ අයට විහිළු කළ අයට අද ජාත්‍යන්තර සමුළුවල දී රට වෙනුවෙන් අදහස් යෝජනා ඉදිරිපත් කළ නොහැකිව ලැජ්ජාවට පත්වන්නට සිදුව ඇති බවත් එම ලැජ්ජාව ඔවුන්ට පමණක් නොව රටටම සිදුවුණු ලැජ්ජාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක ජංගම සේවය යටතේ ගමින් ගමට නගරයෙන් නගරයට දොරින් දොරට වැඩසටහන තුළින් හලාවත මැල්ල කැලේ ගම්මානේ පලා වර්ග නිෂ්පාදන ගොවීන්ගේ ගැටලු සාකච්ඡා කිරීම සදහා සජිත් ප්‍රේමදාස මහතා හලාවත මැල්ල කැලේ ප්‍රදේශයට පැමිණි අතර එහි දී ගොවීන්ගේ ගැටලු හඳුනාගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවසීය.

වත්මන් රජයේ මැති ඇමතිවරුන්ට අදහස් ඉදිරිපත් කිරීමේ නොහැකියාව තුළ සමහර අය විහිලු තහලු කරන බවත් එසේ විහිලු නොකර එම නොහැකියාවට හේතු සෙවිය යුතු බවත් එයට හේතුව වන්නේ මෙරට අධ්‍යාපන ක්‍රමයේ වරදක් බවත් සිංහල පමණයි දමිළ පමණයි කියා ගිය ගමනේ ප්‍රතිඵල අදටත් රටේ ජනතාව බුක්ති විදින බවත් සිහිපත් කළ විපක්ෂ නායකවරයා එම නිසා අධ්‍යාපන ක්‍රමයේ පැහැදිලි වෙනසක් ඇති කර ගිරාපෝතක අධ්‍යාපන ක්‍රමය වෙනුවට ලොවට ඔබින වෘත්තිකයන් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් කරා යා යුතු බවත් සුහුරු දරු පරපුරක් හරහා සුහුරු රටක් ගොඩනැගිය යුතු බවත් අවධාරණය කළේය.

අප 41 ලක්ෂයක් දූදරුවන්ගේ මූලික අයිතියක් වු ගුණාත්මක අධ්‍යාපනයට ඇති හිමිකම උල්ලංඝන කරන නිසා ප්‍රතිඵල කේන්ද්‍රීය උත්තර කේන්ද්‍රීය විසදුම් කේන්ද්‍රීය රාජ්‍ය පාලන තන්ත්‍රයක් කරා යා යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මැතිවරණ සමයේ පමණක් ජනතාව මතක් වෙන දේශපාලනයට තිත තබමු

රටේ ජනතාවද ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බවත් ජනතාව විඳින දුක් ගැන කතා වෙන්නේ මැතිවරණ සමයේ පමණක් බවත් බලය ලැබුණු පසු ජයග්‍රහණය ලැබූ අය නැවත වරක් ජනතාවගේ දුක ගැන සොයා නොබලන බවත් ඒ ජයග්‍රහණය ඔවුන්ගේ උරුමයක් ලෙස සලකමින් හැසිරෙන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කර්මාන්ත සහ සේවා මෙන්ම කෘෂිකර්මාන්තයද ශක්තිමත් විය යුතුයි

අද වන විට සමහර ආර්ථික විශේෂඥයන්ට අනුව කෘෂිකර්මාන්තය කිරීම වැඩක් නැති බවත් එය පාඩු ලබන ආදායම් මාර්ගයක් බැවින් වෙනත් ආදායම් මාර්ග පුරුදු පුහුණු කළ යුතුය යන නව ලිබර්වාදීන් කිහිපදෙනකු ඇති බවත් ඔවුන් ඉහළ පැළැන්තිය සමග සිටින නිසා ගමේ ජනතාව මුහුණ දෙන ගැටලු ඔවුන්ට අවබෝධයක් නොමැති බවත් සමගි ජන බලවේගය මේ මතයේ නොමැති බවත් මෙරට කර්මාන්ත හා සේවා ක්ෂේත්‍ර මෙන්ම කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයද ශක්තිමත් විය යුතු බවත් කෘෂිකර්මාන්තයේ කාර්යක්ෂමතාව වර්ධනය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද පොහොර සහනාධාරයත් නෑ

සමගි ජන බලවේගය බලයට පැමිණියා නම් කිලෝ 50 පොහොර මිටිය රු.5000ට ලබා දෙන බවත් ගොවිතැන ශක්තිමත් කර ඉන් ආදායම් මාර්ග ලබා ගන්නා තුරු රාජ්‍ය මැදිහත්වීම ලබා දෙන්න සිටියත් ජනතාව එය ප්‍රතික්ෂේප කළ බවත් අද වන විට ගොවිතැනේ නියැලෙන ජනතාවට බීජ මිල පවා ඉහළ ගොස් ඇති බවත් බීජ ඒකාධිකාරියක් පවා ක්‍රියාත්මක බවත් පොහොර සහනාධාරය පවා ලැබෙන්නේ වී ගොවීන්ට පමණක් බවත් එසේ ලැබෙන පොහොරවල ගුණාත්මකභාවයේ ද ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

රටේ සමහර ප්‍රදේශවල වන අලි මිනිස් ගැටුම වනසතුන් අතර ඇති ගැටුම නිසා ද ගොවි නිෂ්පාදන විනාශ වන බවත් රජයක් බිහි වන්නේ මේ ගැටලුවලට නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කරමින් එය වඩාත් ප්‍රතිලාභ ලැබෙන ආකාරයට ප්‍රතිනිර්මාණය කිරීමට බවත් එය රජයක වගකීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටට ගැලපෙන දේශපාලනයයි අප කළ යුත්තේ

දේශපාලනඥයන් ලෙස රටට ගැලපෙන දේශපාලනය කළ යුතු බවත් පක්ෂ දේශපාලනය මෙන්ම ගම්වල ජනතාවගේ දුකට සවන් දී ඒවාට යම්තාක් දුරකට හෝ විසඳුමක් ලබා දීමට හැකි නම් ජනතාවගේ දුක නිවාලන්නට හැකියාවක් ලැබෙනවා නම් එය නිවැරදි දේශපාලනය බවත් විපක්ෂ නායකවරයා කීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහින්දට ගහන්න ගහන්න වෙන්නේ ආණ්ඩුව පචවෙන එක විතරයි – නීතිඥ මනෝජ් ගමගේ

කොළඹ LNW: මහින්ද රාජපක්ෂට ගහන්න ගහන්න සිද්ධ වෙන්නේ ආණ්ඩුව...

බෝගොල්ලාගමට එරෙහි නඩුවක් ඔහු නොමැතිව විභාගයට ගැනීම සඳහා දින නියම වෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අල්ලස් කොමිසම විසින් හිටපු...

බැඩ්මින්ටන් වලට උර දෙන මැක්ලරන්ස් ආයෙත් ජාත්‍යන්තර තරගාවලියක බරට උර දෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 01, කොළඹ LNW: වසර කිහිපයක සිට ශ්‍රී ලංකා...

අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW: අද (01) සිට අධිවේගී...