BREAKING NEWS : ට්‍රම්ප් ශ්‍රී ලංකාවට පැනවූ බද්ද 20% දක්වා අඩුකරයි !!

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කෙරෙන භාණ්ඩ සඳහා පැනවූ තීරුබදු අනුපාතය 20% දක්වා අඩුකර තිබේ.

ධවල මන්දිර වෙබ් අඩවියෙහි ඒ බව මෙසේ සඳහන් කර ඇත.

මුලින් 44%ක් වශයෙන් තීරණය කර තිබුණු මෙම තීරුබදු අනුපාතය පසුගිය මාසය වනවිට 30% දක්වා අඩුකර තිබූ අතර බදු ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණු අද (අගෝස්තු 01) දිනය වනවිට මෙසේ 20% දක්වා අඩුකර තිබේ.

මේ පිළිබඳව දිවයිනේ ප්‍රධානතම ව්‍යාපාරිකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඇමරිකාව විසින් ලොව රටවල් ගණනාවකට පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු හරහා ශ්‍රී ලංකාව පත්ව තිබූ අවිනිශ්චිත තත්වය මෙම 20% බදු අනුපාතයත් සමග සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බවයි.

නව බදු අනුපාත අගෝස්තු 07 වනදා සිට ක්‍රියාත්මක වන බවයි ධවල මන්දිර වෙබ් අඩවියේ සඳහන් වන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුමිදුගේ උත්සාහය ව්‍යර්ථ වෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 03,  කොළඹ LNW: XVI Mexican International 2025 තරගාවලියේ...

අපි නම් ආරක්ෂාව ඉල්ලන්නෙ නෑ, අපිට ෂුවර් මේ රටේ ජනතාව – ඇමති TB

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු වශයෙන් තමන්ට...

රටේ බහුතර ප්‍රශ්න වලට හේතුව මත්ද්‍රව්‍ය – ජනපති අනුර

රෂිකා හෙන්නායක නොවැම්බර් 03, කොළඹ LNW : පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන...

FBI අධ්‍යක්ෂ කාෂ් පටෙල් රජයේ ජෙට් යානායකින් සිය පෙම්වතිය බැලීමට ගියබව කියූ ඉහල නිලධාරියකු සේවයෙන් ඉවතට

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : FBI අධ්‍යක්ෂ...