රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW:
ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා බව වාර්තා වේ.
ඒ අනුව, ලබන 16 වැනිදා සිට එය සේවයට යෙදවීමට නියමිත අතර, සංචාරයකයින්ගේ ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය ධාවනයට එක්කරන බව, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ආසන 350කින් සමන්විත එම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30ට කොළඹ කොටෙුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිත අතර, දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ , ඉරිදා රාත්‍රි 9.00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කරන බවයි.
