අධිවේගී මාර්ගයේ යනවා නම් මේ ගැනත් දැනුවත්ද?

රෂිකා හෙන්නායක අගෝස්තු 01, කොළඹ LNW:

අද (01) සිට අධිවේගී මාර්ගයන් හි ධාවනය වන සැහැල්ලු‍ වාහනවල පසුපස ආසනවල ගමන් ගන්නා පුද්ගලයින් ආසන පටි පැලදීම අනිවාර්ය වන අතර, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද සිට ඒ සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි.

අද උදෑසන ඒ සම්බන්ධයෙන් වන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පෑලිගොඩ අධිවේගී පිවිසුම අසලදී පැවැත්වුණු අතර, එළැඹෙන සැප්තැම්බර් මස පළමුවනදා සිට අධිවේගී මාර්ගයන්හී ගමන්ගන්නා මගී බස්රථවල සියලු‍ මගීන් ද ආසනපටි පැළදීම අනිවාර්ය කිරීමට ජාතික ගමනානමන කොමිෂන් සභාව තීරණය කර ඇති බවටද වාර්තා පළ වේ.