බ්‍රෝඩ් පීක් කඳු මුදුනේ හිම කුණාටුවෙන් අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් අඛණ්ඩව…

රෂිකා හෙන්නායක අගෝස්තු 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

පකිස්ථානයේ බ්‍රෝඩ් පීක් (Broad Peak) කඳුවැටියේ සිදුවූ දරුණු හිම කායෑමකින් පසු අතුරුදන් වූ පිරිස සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සහන සේවා කණ්ඩායම් විසින් දැනටමත් මළ සිරුරු හතරක් සොයාගෙන ඇති අතර, ඒ අතර පළමු ඕමාන කාන්තා එවරස්ට් ජයග්‍රාහිකාව, නේපාල ජාතික පලපුරුදු කඳු නගින්නෙකු සහ ඇමරිකානු ජාතික කාන්තාවකගේ සිරුරු හඳුනාගෙන ඇත.

කීර්තිමත් කඳු නගින්නෙකු වන නිර්මාල් පූර්ජාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට තවත් විදේශීය සාමාජිකයින් කිහිපදෙනෙකු ඇතුළත් විය.

අයහපත් කාලගුණය මධ්‍යයේ තවමත් අතුරුදන්ව සිටින හය දෙනෙකු සොයා පරීක්ෂණ අඛණ්ඩව සිදු කෙරේ.

මෙම ඛේදවාචකය ලොව 12 වන උසම කඳුවැටිය ආශ්‍රිතව සිදුවූවක් වන අතර, එය කඳු නගින්නන් හට ඉතා අභියෝගාත්මක ප්‍රදේශයක් ලෙස සැලකේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...