ඇඹිලිපිටියේ වී වගාවට අවශ්‍ය ජලය වහාම මුදාහරින්න – විපක්ෂ නායක සජිත්ගෙන් නිවේදනයක්

Date:

පීදෙමින් තිබෙන ගොයමට ජලය ඉල්ලා ඇඹිලිපිටියේ ගොවීන් ආරම්භ කළ සත්‍යග්‍රහය සතියක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් තිබෙන නමුත් දුර්ධාන්ත ආණ්ඩුවේ බලධාරීන්ට ඒ පිළිබඳව කිසිදු සහකම්පනයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අක්කර 75000 ක පමණ වගාබිම් සඳහා ජලය සැපයීමට ආණ්ඩුව තවමත් අපොහොසත්ව ඇති අතර එයින් අක්කර 65000ක පමණම ඇත්තේ වී වගාව බවත් පවතින ජල ගැටලුව හේතුවෙන් ඉදිරි සතිය තුළ වී වගාවෙන් රුපියල් බිලියන 16.81 ක පමණ පාඩුවක් සිදුවිය හැකි යැයි පුරෝකථනය කර ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙයි.

ඒ අනුව, මෙම ගොවීන්ගේ වගා කටයුතු සඳහා අවශ්‍ය ජලය මුදාහරින්නැයි තමන් ආණ්ඩුවට බලකරන බවයි විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දූවිලි වලින් වැසුණු වාහන වලින් කලාවක් තනන ඈයෝ!

සටහන – පුලී ජනවාරි 07, කොළඹ (LNW): බොහෝ අය දූවිලි...

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...