තවත් ඉවසන්න ඕනෙ නෑ. රනිලුයි ගෝලයොයි දැන් බැහැලා යන්න, රට බාරගන්න අපි සූදානම් – අනුර (VIDEO)

Date:

සේවක අර්ථසාධක අරමුදලටත් අතතැබීමට ආණ්ඩුව සූදානම් වන පසුබිමක තවදුරටත් ඉවසා සිටිය යුතු නැති බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“අපේ රටේ ව්‍යාපෘතිවලට පහුගිය කාලේ කෝටි ලක්ෂ 8ක ණය අරන් තියෙනවා. හැබැයි විගණන දෙපාර්තමේන්තුව පරීක්ෂා කරලා බලපුවාම වත්කම් හදලා තියෙන්නේ ව්‍යාපෘතිවල වටිනාකම කෝටි ලක්ෂ 2යි. ඒ කියන්නෙ මොකක්ද කෝටි ලක්ෂ 6කට වුණේ ? විගණකාධිපතිතුමා කියනවා 2015 ඉඳන් ඉතුරු ඒවා හොයනවා කියලා. ඒවා රටේ ව්‍යාපෘතිවල හොයලා වැඩක් නෑ. ඒවා හොයන්න තියෙන්නේ මැදමුලන වලව්වේ, රවී කරුණානායකගේ ගෙදර, රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරන් ගාව. හදලා තියෙන්නේ 25%ක, ගහලා තියෙනවා 75%ක. අන්න ඒක තමා රට බංකොලොත් වුණේ. අද සේවක අර්ථසාධක අරමුදලත්, සේවක භාරකාර අරමුදලත් මංකොල්ල කන්න හදනවා. ඉස්සෙල්ලා හොරා පැන්නෙ කොහෙටද, මහබැංකුවට, රේගුවට, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට. දැන් හොරා පැනලා ඉන්නෙ ගෙට. තවත් ඉවසන්න ඕනෙ නෑ. අපිව වළක්වන්න හදනවා වාරණ ගෙනල්ලා. අපි එකයි කියන්නේ රනිල් වික්‍රමසිංහටයි, එයාගේ ගෝලයින්ටයි. තවත් මේ රටේ විනාශයේ පතුළට ඇදගෙන යන්නෙ නැතුව කරුණාකරලා බැහැලා යන්න. මේ රටේ ජනතාවත් එක්ක මේ රට බාරගන්න ජාතික ජන බලවේගය සූදානම්”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (31) කොළඹදී පැවති විරෝධතා රැලියක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...