අපේකම සිහිගන්වන – ජය ශ්‍රී “මතුවෙන්න” සමගින්

Date:

පහුගිය දින කීපය පුරාම ජය ශ්‍රී අයියා මලෝ ගැන එක එක විදියේ කතාබහ නැගුණා. මේ කතාබහ කෙළවර වුණේ ජය ශ්‍රී ලා අලුත් ගීතයක් නිර්මාණය කරලා තියෙනවා කියන පුවතත් එක්කයි. මේ වෙද්දී ඒ ගීතය ජය ශ්‍රී යූ ටියුබ් චැනල් එකෙන් ජනගත කරලා තියෙනවා. ‘මතුවෙන්න – The Diamond Story’ නම් වෙන මේ ගීතය ජය ශ්‍රී රසිකයින්ට‍ ලැබුණු වෙනස්ම අත්දැකීමක්.‍

දික්වැල්ල, හිරිකැටිය, නිලාවැල්ල, නිකවැරටිය, යාපනය වගේ ලංකාවේ ලස්සන හා ආකර්ශණීය තැන්වල මේ ගීතයේ රූප රචනය කරලා තියෙනවා. ‘මතුවෙන්න’ ගීතයේ පද හා රූප රචනය කරලා තියෙන්නේ සමන් අමුණුකන්ද. මෙහි සංගීතය රැප්සිලා (සාරංග දිනේෂ්) ගෙන්. සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් මේ ගීතය නිර්මාණය කරන්නට දායක වෙලා තියෙනවා.

‘සිව්කොණ එකතුවෙලා – ජය කණුව සොයනා වෙලේ
සතුටෙන් එකතුවෙලා දූ පුතුන් හිනැහෙන බිමේ ‍
ජයගන්නට හැකි තුරුම්පුවක් වී – ලොවටම පෙන්වන්න
මතුවෙන්න – පණදෙන්න
රුවි‍තේ – විඳගන්න
ජයගන්න’

ගීතයේ ආරම්භක පද පේළි නිර්මාණය වෙලා තියෙන්නේ ඒ විදියටයි.

‘ඩයමන්ඩ්’ සංකේතය ‘මතුවෙන්න’ ගීය පුරාම දකින්න ලැබෙන විශේෂ සංකේතයක් වෙලා තියෙනවා. සමස්ත ගීතයටම පදනම වෙලා තියෙන්නේ මේ ඩයමන්ඩ් සංකේතයයි. ජය ශ්‍රී ලා පහුගිය දිනවල කිව්ව විදියටම මේක ඇත්තටම ඩයමන්ඩ් වැඩක්.

‘ජයපැන් බොන්නට
හිතවත් වෙන්නට
අනාගතය දකිනා
යහ මිනිසුන් මැද තුරුම්පු උතුරා ලොවම රසෙන් බැ‍ඳෙනා’

ගීතයෙන් කියන විදියටම ලංකාව පුරා ජීවත්වෙන අපේම සුන්දර මිනිස්සුන්ගේ හිතවත්කම් වගේම ලෙන්ගතු බවත් මේ රූප රචනය පුරා දැකගන්නට හැකිවෙනවා. ජය ශ්‍රී ලා කාලෙකට පස්සේ කරපු අලුත් ගීතයක් වගේම සුන්දර රූප රචනයකුත් වෙන මේ ‍ගීතය ජය ශ්‍රී ලා ලංකාවේ නොහිටියත් අපේකම, ලාංකිකත්වය අගයන සංගීත කණ්ඩායමක් බව නැවත නැවතත් සිහිපත් කරවනවා.

රුවිත විඳින්නට – එක්වෙන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන්...

ජීවන වියදම් ඉහළ යාමට එරෙහිව ඉරානයේ විරෝධතා අතරතුර හයදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 02: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉරානයේ...

6 ශ්‍රේණිය මොඩියුල අවුල : NIE අධ්යක්ෂ ජනරාල්වරිය තාවකාලිකව ඉල්ලා අස්වෙයි

ජාතික අධ්‍යාපන ආයතනයේ (NIE) අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ...

පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පහළ වායුගෝලයේ...