*
Saturday, September 28, 2024
spot_img

Latest Posts

නයිජර්හි හමුදා මැදිහත්වීමට එරෙහිව අසල්වැසි රාජයන්ගේ දැඩි විරෝධය

නයිජරිහි රජය හමුදාව විසින් අත්පත්කර ගැනීම පසුගිය වසර තුනකට අඩුකාලයක් තුළ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ සිදු වූ හත්වන හමුදා අත්පත් කර ගැනීමයි.

පසුගිය ජූලි 26දා නයිජර් හමුදාව විසින් ජනාධිපති මොහොමඩ් බාසූම් අත්අඩංගුවට ගෙන හමුදා පාලනයක් දියත් කිරීමට එරෙහිව රටපුරා විරෝධතා ඇතිවීමත් සමඟ අසල්වැසි බුර්කිනා ෆාසෝ සහ මාලි අනතුරු අඟවා ඇත්තේ නයිජර්හි ජනාතාවට එරෙහිව සිදුවන මිලීටරි මැදිහත්වීම් තම ජාතීන්ට එරෙහිව සිදුකරන යුධ ප්‍රකාශ කිරීමත් ලෙස ඔවුන් සලකන බවයි.

එවැනි පියවරක් මුළු කලාපයම අස්ථාවර කළ හැකි ව්‍යසනකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි බව වැඩිදුරටත් සඳහන් කර තිබූ අතර නයිජර්හි ජනතාවට සහ බලධාරීන්ට එරෙහිව නීති විරෝධී, නීත්‍යානුකූල නොවන සහ අමානුෂික සම්බාධක යෙදීම ද ඔවුන් ප්‍රතික්ෂප කර තිබේ.

නයිජරිහි රජය හමුදාව විසින් අත්පත්කර ගැනීම පසුගිය වසර තුනකට අඩුකාලයක් තුළ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ සිදු වූ හත්වන හමුදා අත්පත් කර ගැනීමයි. මෙම තත්වය අප්‍රිකානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපීය සංගමය සහ අනෙකුත් බලවතුන් විසින් දැඩිලෙස හෙළා දැක ඇති අතර ඇමරිකා එක්සත් ජනපදයේ රජ්‍ය ලේකම් ඇන්ටනී බිලින්කන් ‌සෘජුවම සඳහන්කර තිබුණේ වොෂින්ටනයේ නොසැලෙන සහය ජනාධිපති මොහොමඩ් බාසූම් වෙත පවතින බවයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වැග්නර්ගේ නායක යෙව්ගනි ප්‍රිගොෂින් සිය ටෙලිගෑම් ගිනුමෙහි නයිජර්හි සිදුවීම සම්බන්ධයෙන් බටහිර රටවල් යටත් විජිතවාදී අප්‍රිකානු රටවල ජනතාව පාලනය කර ගැනීමට උත්සාහ දරන බවට සඳහන් කිරීමත් සමඟ, ජාත්‍යන්තර නිරීක්ෂකයන් ප්‍රකාශ කර තිබුණේ, නයිජර් හි අස්ථාවරත්වය රුසියාවේ පදනම් වූ පුද්ගලික කුලී හේවා සමාගමක් වන Wagner Group වැනි සංවිධාන සඳහා අවස්ථාවක් නිර්මාණය කරනු ඇති බවත් එය කලාපීය වශයෙන් අනතුරුදායක තත්වයක් බවත්ය.

සශිකලා මධුෂාණී_ outbound today

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan