හිමාචල් ප්‍රදේශ් හි ඇති වූ අධික වර්ෂාපතනයෙන් සිව්මහල් ගොඩනැඟිල්ලක් බිමට සමතලා වෙයි!

0
399

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 02, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ:
බ්‍රහස්පතින්දා උදෑසන උතුරු ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුලු දිස්ත්‍රික්කයේ අධික වර්ෂාපතනයෙන් පසු ගොඩනැගිල්ලක් කඩා වැටී තිබේ.

එළවළු වෙළෙඳ පොළක් ලෙස භාවිත කළ ගොඩනැඟිල්ල කඩා වැටීමට පෙර එතන සිටි අයවලුන් ඉවත් කර ඇති බවත්, සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදු නොවූ බවත් සඳහන්.

සිව්මහල් ගොඩනැගිල්ල කඩාවැටෙන විට පසුබිමින් පාර්වතී නදිය ගලා බසින බව වීඩියෝවල දැකගත හැකිවිය.

මෝසම් සමයේදී ප්‍රාන්තය තුළ අධික වර්ෂාපතනයක් අත්විඳින අතර එය ගංවතුර, නායයෑම් බහුලව සිදු වේ.