*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

හොර ඔට්ටු සහ කටේ පිට්ටු

සටහන – නිශ්මං රණසිංහ
අගෝස්තු 02, LNW කොළඹ:
ලංකාවේ මාර්ගගත ක්‍රමයට මුදල් ඉපැයීමේ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විශාල ගැටළු මතුවෙමින් තිබෙනවා.ඇතැම් ජාවාරම්කරුවන් මිනිසුන් මංකොල්ලකෑම සඳහා පහසු සහ සරල ක්‍රමයක් විදිහට මේ මාර්ගය භාවිතා කිරීමේ ගැටළු මතුවෙමින් තියෙනවා.මේ ආකාරයට නෛතික නොවන ආකාරයේ ඔට්ටු ඇල්ලීමේ ක්‍රම ද දැඬිව හිස ඔසවමින් තිබෙනවා.සමහර විට මේ හිස එසැවීම් පිටුපස බර තබන කණ්ඩායම් කවුරුද යන්න සොයා බැලීමේ අවශ්‍යයතාවය ඉහළ යමින් තිබෙන්නේ මේ මාර්ගගත ඔට්ටු තැබීම රටේ ආර්ථිකයට දැඬිව බලපාන තත්ත්වයක් ඇති කරන නිසයි.අපහසුවෙන් වැටුණු තැනින් ගොඬ එන්නට උත්සාහ කරන රටක් හැටියට,මේ ඔට්ටු සමාගම් විසින් මාර්ගගත ක්‍රමයට විදේශයන්ට ඇඳ ගන්නා මුදල් ගැන වැඩි අවධානයක් රටේ මූල්‍ය කේෂ්ත්‍රයේ ප්‍රධානීන් මදුරුවෙක් කන තත්ත්වයට හෝ ගාණකට නොගෙන සිටීම ජාතික ආර්ථිකමේ ස්ථාවර තත්ත්වයන්ට හානිකරයි.
මේ ඔට්ටු සමාගම්වල වෙළඳ දැන්වීම් පළ කරන සැටලයිට් නාලිකාවන්ද අප දකිනවා.මේ සමහර නාලිකාවන් රජයේ සම්බන්ධයක්ද ඇතිව ක්‍රියාත්මක වීම මේ අවනඩුව රජයට කීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් ද සිතෙන තරමට මේ ගැටළුව ව්‍යාකූල කර තිබෙනවා.සමාජ මාධ්‍ය හරහා මෙම දැන්වීම් පළවීම බහුලය සිඳු වෙනවා.එහෙත් වෙනත් දේශපාලනික කාරණාවන් හී දක්වන ප්‍රතිචාර දක්වන්නට විදුලි සංදේශන නියාමන කොමිසම ඉදිරිපත්වන බවත් පෙනෙන්නට නැහැ.ඔවුන්ට මේ නීතිමය නොවන ඔට්ටු දැමීමේ ආයතනවල වෙළද දැන්වීම් වැළක්වීමට ඕනෑ තරම් පහසුකම් තිබෙනවා.

රජය මේ සම්බන්ධයෙන් දක්වන නිද්‍රාශිලී ප්‍රතිපත්තිය ගැන පාර්ලිමේන්තුව තුළ විරෝධයක් මතු කරමින් එහි ආදීනව කියන්නට මේ දක්වා ඉදිරිපත් වී ඇත්තේ ආචාර්ය හර්ෂ ද සිල්වා පමණයි.ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රියාත්මකවිම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එකඟතාව මත ක්‍රියාත්මක වීම වළක්වන්නට එකතු වුණ පාර්ලිමේන්තුව රටේ ආර්තිකයට සෘජුවම බලපාන ඔට්ටු ඇල්ලීම නිසා සිඳුවන හානිය වළක්වන්නට එකඟතාවයකින් එකතු වුණ බවක් එර්ෂගේ කතාවෙන් පසුව දකින්නට ලැබුණේ නැහැ.රජය ඒ වගගකීම අත නොතබා ලිස්සා යාමට හැර ප්‍රශ්නයෙන් ගැලවුණු අතර සමහර දේශපාලන පක්ෂ ඒවා මේවාට දෙන විසඳුම් රහස් ලෙස පවත්වා ගනිමින් බලයට පැමිණි පසුව ක්‍රියාකරන බව කීවත්,රටේ ජීවත්වෙන ජනතාවට වෙන දේ ගැන තකන බවක් නැහැ.ඔවුන් බලය මිස ජනතාව කුමන තත්ත්වයක් යටතේ හෝ හොඳින් ජීවත්විය යුතුය කියන සංල්පයේ නැහැ.

මේ සියලු වගකීම් නොසළකා හැර තිබෙන තත්ත්වයක රටක් හැටියට මිනිස්සුන්ගේ බඳු මුදල්වලින් තමන්ගේ වැටුප විතරක් වැඩි කරගන්න මහ බැංකු නිලධාරීන් මේ හරහා රටට අහිමිව යන මුදල් කන්දරාව ගැන වගවිමක් නැතුව හැසිරීම පුදුම සහගතය.මේවා සංඛ්‍යාත්මකව පෙන්නා දෙන්න අපහසුනම් අඩුම තරමේ ආර්ථිකයට බලපැමක් වෙන ආකාරය කියා හෝ ජනතාව දැනුවත් කිරීම මෙන්ම රාජ්‍ය ආයතනවලට මෙන්ම ජනතාවට මේවා ප්‍රවර්ධනය කරන්නට ඉඩ දී බලා සිටින විදුලි සංදේශන නියාමන කොමිසමට රට වෙනුවෙන් එම වගකීම ඉටු කිරීමේ කාර්ය පවරා දිය යුතුය.විශේෂයෙන් සැටලයිටි තාක්ෂණයෙන් රූපවාහිනී නරඹන පිරිස ඒ සඳහා යම් ගෙවීමක් කරන අයය.ඒ පාරිභෝගිකයා නීත්‍යානූකූල නොවන ඔට්ටු ඇල්ලීමකට පෙළඹීම අනියම් ආකාරයෙන් වැරදි කිරීමට මුදල් ගෙවා උපදෙස් ගැනීමක්ය.
මේ සියලු කාරණාවලදී මහජනතාවට රටට වන හානිය වෙනුවෙන් රොඳ බඳින දේශපාලන කඳවුරු සහ සමාජ ක්‍රියාශීලීන්ගේ කඳවුරු ද හැසිරෙන්නේ ඔට්ටු ගැන තමන්ගේ කටේ පිට්ටු කබාගෙන වීම සැක සහිත කාරණයක්ය.විශේෂයෙන් එම සංවිධාන පළමු කොට මහා බැංකුවේ වගකිවයුතු නිලධාරීන්ගෙන් මේ වැරදි ඔට්ටු අල්ලන ආයතන රටට වගකීමක් නොතබා මේ රටෙන් පිටට කිසිදු බඳු මුදලක් නොගෙවා රැඟෙන යන මුදල් ප්‍රමාණය ගැන සමාජයට කිව යුතුය.එ් මුදල් ප්‍රමාණය රටේ ජනතාවගේ බඳු බර අඩු කිරීමට නොහැකි,රටේ ජාතික ආදායමට කරන හානිකර තත්ත්වය කවරේද යන්න කිව යුතුය.නිතිමය නොවන ඔට්ටු ආයතනවල වෙළඳ දැන්වීම් සැටලයිට් චැනල් වෙත ලැබෙන්නේ කොහෙන්ද යන්නත්,අනීතික දේ ප්‍රවර්ධනය කිරීමෙන් මුදල් ඉපයිය හැකිද යන්න සහ එසේ උපයන්නේ කවුරුන්ද යන්නත් සොයා බලා සමාජයට ඉදිරිපත් කළ යුතුය.

මේවා ගැන මහ බැංකුව සමඟ කතා කරන්නට,ප්‍රශ්න කරන්නට කිසිඳු දේශපාලනික සහ සමාජ ක්‍රියාකාරී සංවිධානයක් හෝ පුද්ගලයන් මේ දක්වා පැමිණ නැති බව සැබෑය.මේ තත්ත්වයද ගැටළුකාරීය.වැරදි ලෙස උපයන පුද්ගලයන් තමන්ගේ ආදායම ලෙස මේ රටේ ධනය රටින් පිටට අසීමාන්තිකව රැඟෙන යාම ගැන පරක්ෂා කරන්නට,ඊට මැදිහත්වන පුද්ගලයින් කවුරුන්ද යන්න හෙළිදරව් කර ගැනීමට නීති අංශය මැදිහත් නොවීමද ගැටළුකාරීය.ඇත්තටම ආණ්ඩුවක් හැටියට මේ රටේ මුදල් අනීතිකව පිටට අදින්නට දී බලා සිටින්නේ ඇයි? කාගේ හෝ මැතිවරණ ව්‍යාපාරවලට යොදවා සුදු කරන කළු සල්ලි සේ මේ කිසිඳු බාධාවකින් බද්දකින් තොරව උපයා රටින් පිටට ඇඳෙන මහා මුදල් කන්දරාවට එසේ යන්නට කැපී තිබෙන පාරේ මේ රටේ වගකිවයුතු අංශවල පුද්ගලයන්ගේ කැති උදළු පාරවල්වල මහන්සියද තිබිය හැකිය.එසේ නොවන්නේනම් මේ තරම් මහා මුදලක් වංචනිකව මහත්තුරු සේ උපයාගෙන රටෙන් පිටට අරගෙන යන්නට නොහැකි බවට ඉහළ තැන් සම්බන්ධයෙන් ඇතිවන සැකය, මේ දැඩි නිහඩතාවය මත අතශයින් සාධාරන නැද්ද?
අපි බලා සිටින්නෙමු.

කවුරුන් හෝ වගකිවයුතු පුරවැසියෙක් හො සංවිධානයක්,එසේත් නැතිනම් මේ වැරද්දට එරෙහිව මැදිහත් විය යුතු රාජ්‍යය හා බැදුණු නීතිමය හෝ ආර්ථිකයට සම්බන්ධ ආයතනයක් මේ සිඳුවීම සම්බන්ධයෙන් කටේ එබුණු පිට්ටු ඉවත් කර දේශප්‍රේමී වනු ඇත්දැයි කියා අපි බලා සිටින්නෙමු.ලෝකයේ පමණක් නොව ආසියාවේද මේ රටේ නීතියේ ද ආදර්ශ සහ විධි විධාන නීතිය තුළ මෙන්ම ආර්ථිකය තුළ ද හොර ඔට්ටු නිසා සිඳුවන විපාකවලට එරෙහිව ගැනීමට ඕනෑ තරම් ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan