ජනාධිපති අපේක්ෂක රනිල් හදවත ඉල්ලා නොලැබුණු විටදී ….

Date:

ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙනුයි. එහිදී ඒ මහතා “හදවත” ලකුණින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත බවට ආරංචියක් පසුගිය දිනවල වේගයෙන් පැතිරුණා.

කොහොමවුණත් ජනාධිපති රනිල්ගේ පාර්ශ්වය හදවත ඉල්ලුවාට මැතිවරණ කොමිසමෙන් ඒක නොලැබෙන තත්වයක් තමයි දැන් උදාවෙලා තියෙන්නේ.

මැතිවරණ කොමිසමේ ලියාපදිංචි ඡන්ද සලකුණු අතර “හදවත” සලකුණ නොමැති බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරලා තිබෙනවා.

ස්වාධීන අපේක්ෂකයින්ට ඡන්ද සලකුණු කලින් වෙන්කරවා ගැනීමට නොහැකි බවත් සඳහන් කර ඇති ඒ මහතා නාමයෝජනා භාරදීමෙන් පසුව සියලු ස්වාධීන අපේක්ෂකයින් කැඳවලා ලියාපදිංචි ඡන්ද සලකුණු ප්‍රමාණය ලබාදෙන බවත් ඒ අතරින් කැමති සලකුණක් ලබාගැනීමට ඔවුන්ට අවස්ථාව හිමිවන බවත් වැඩිදුරටත් කියලා තිබෙනවා.

ඔය වගේ දෙයක් වුණ වෙලාවක අහන්න හොඳ සිංදුවක් ප්‍රියා සූරියසේන මහත්තයා මීට සෑහෙන කාලෙකට කලින් කියලා තියෙනවා. ඒ සිංදුව ඔන්න පහළින් දානවා …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...