*
Tuesday, October 15, 2024
spot_img

Latest Posts

පොහොට්ටු මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුව කියන්නේ මහින්ද – ජී.එල්.

කොළඹ LNW:මන්ත්‍රීවරු මොන තීරණය ගත්තත් පොහොට්ටුවෙන් සංකේතවත් කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වන අතර බිම් මට්ටමේ පොහොට්ටු පාක්ෂිකයන්ගේ ගෞරවය,භක්තිය ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

පොහොට්ටුවේ තීරණය පසෙකලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ පොහොට්ටු මන්ත්‍රීවරු රැඳී සිටින්නේ පසුගය කාලය තුළ විදි වරප්‍රසාද හේතුවෙන් බවයි ජී.එල්.පීරිස් මහතා සඳහන් කරන්නේ.

”මන්ත්‍රීවරු මොන තීරණ ගත්තත් ඒ අනුව ජනතාව තීරණ නොගන්න බව ඉතාම පැහැදිලියි. පොහොට්ටුව කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මහත්තය තමයි පොහොට්ටුව සංකේතවත් කරන්නේ. පොහොට්ටුවේ පාක්ෂිකයාගේ ගෞරවය භක්තිය තියෙන්නේ වෙන කිසිවකුට නෙවෙයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගැන. මන්ත්‍රීවරු ගන්න තීරණය මහින්ද රාජපක්ෂ මැතිතුමා අනුමත කරන්නේ නැත්නම් බිම් මට්ටමේ පොහොට්ටුවේ පාක්ෂිකයා මොකක්ද ගන්න තීරණය. පොහොට්ටුවේ තීරණය පැත්තකින් දමල රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමඟ ගමනක් යන්නට උත්සහ දරන මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහය දෙනවා කියල අත උස්සන්නේ මොන හේතු නිසාද? පහුගිය කාලය තුළ ඔවුන් නොයෙක් දොලපිදේනි වරප්‍රසාද භුක්ති වින්දා. තැබෑරුම් බලපත්‍ර,සමහර අයට තියෙනවා අධිකරණ ඉදිරියේ නඩු,සදාචාර විරෝධී වරප්‍රසාද බුක්ති විදීම සඳහා හා ඒ අය දන්නා නිසා වෙන නායකයෙක් යටතේ එය කරන්න බැරි බව.ඒ නිසා ඔවුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයට සහය දෙනවා.ඒක දැන් රටට රහසක් නෙවෙයි.”

මේ අතර පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ සහයද තිබෙන මොහොතක මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බවට විශ්වාසයක් ජනාධිපතිවරයාට ඇත්නම් මැතිවරණය පැවැත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැගීම ජනාධිපතිවරයා විසින් සිදුකරන බවත් නමුත් දැන් සිදුවන්නේ මැතිවරණය පැවැත්වීමට නොයෙක් බාධා පැමිණවීම බවද ජී.එල්.පීරිස් මහතා කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan