(VIDEO)ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සූදානම් – මනූෂ

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02, කොළඹ (LNW):

මැද පෙරදිග ගැටුම් වර්ධනය වුනොත් විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වන්න වෙනවා , ඩොලර් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ රටට ඒක අර්බුදකාරී ලෙස බලපානවා, ගැටුම් වර්ධනය වුනොත් සියලු ශ්‍රී ලාංකිකයින් ගෙන්වීමට සූදානම්. ඒ සදහා ඩොලර් මිලියන 05 කට වැඩි මුදලක් දැනටමත් වෙන්කරලා ඉවරයි.

ඔවුන්ව ගෙන්වා ගන්න තුරු ආරක්ෂිත ස්ථාන වල තබමින් ඔවුන්ව ලංකාවට ගෙන්වා ගන්නා තුරු ඔවුනට අවශ්‍ය සියලු පහසුමක් ලබා දෙන්න සැලසුම් සුදානම් කරලා තියනවා.

මුහුදෙන් ගොඩබිමෙන් ඕනෑම ආකාරයකින් හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට සියලු කටයුතු සූදානම් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා. ඒ සඳහා ජනාධිපතිවරයා වෙනම කමිටුවක්ද පත් කර තිබෙනවා.ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් ඒ සම්බන්ධව දැනුවත් කිරීම සඳහා වෙනමම දුරකථන අංකයක්ද ස්ථාපිත කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි විදේශ ශ්‍රමිකයන්ට කියන්නේ මේ වෙලාවේ කලබල වෙන්න එපා.දේශ සීමා තරණය කරන්න ලෑස්ති වෙන්න එපා. ආරක්ෂාකාරීව වැඩ කටයුතු ටික කරගෙන ඉන්න.

ඒ වගේම මැද පෙරදිග මෙවැනි ගැටුමක් ඇතිවුණොත් අපේ රටේ තවත් අර්බුදයක් ඇතිවෙන්න පුළුවන් විදේශ ශ්‍රමිකයන් එවන මුදල්වලින් තමයි තෙල් ගෑස් ගෙන්නන්නේ.ඒක නිසා යුද්ධයක් ඇති නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා” ලෙස පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පකිස්තානය...

INFOTEL 2025 BMICH හිදී විවෘත වේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා තොරතුරු...

ජාතික ක්‍රීඩාවේ අනාගතය වෙනුවෙන් අද සුගතදාසයට එන්න

නිශ්මං රණසිංහ නොවැම්බර් 08,  කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව වොලිබෝල්...

විමෝක්ෂා සහ අසෙනි මැලේසියාවට බරපතල පරාජයක් ගෙන එන්න මුල් වෙයි.

සටහන- නිශ්මං රණසිංහ  නොවැම්බර් 08,  කොළඹ LNW:මැලේසියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ...