කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

Date:

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම සමූහ ව්‍යාපාරයට ලබාගත් අක්කර 550ක ඉඩමක් යළි දේවාලය වෙත පවරාගැනීම වළක්වාලමින් ගංගොඩවිල දිසා අධිකරණය විසින් නිකුත් කර තිබුණු අතුරු තහනම් නියෝගය ඊයේ (අගෝස්තු 01) එම අධිකරණය විසින් විසුරුවා හැර තිබේ.

මීට කලකට පෙර දැදිගම සමූහ ව්‍යාපාරය විසින් බුත්තල, වගුරුවෙල ප්‍රදේශයේ පිහිටි කතරගම දේවාලයට අයත් අක්කර 550ක ඉඩමක් බදු පදනම මත ලබාගෙන තිබූ අතර ඔවුන් දේවාලයට වාර්ෂිකව ගෙවිය යුතු බදු මුදල රුපියල් මිලියන 5.4 කි. එහෙත් දැදිගම සමූහ ව්‍යාපාරය නීතිවිරෝධී ලෙස එම ඉඩම කෙසෙල් වගාව සඳහා ඩෝල් ලංකා සමාගමට අතුරු බදු දී වාර්ෂිකව රුපියල් මිලියන 10.4ක ඉහළ ආදායමක් ලබාගෙන ඇති අතර එසේ තිබියදීත් ඔවුන් කතරගම දේවාලයට ගෙවිය යුතු වාර්ෂික බදු මුදල ද ගෙවීම පැහැර හැර ඇත.

එසේ පැහැර හැරිය බදු මුදල රුපියල් මිලියන 20 ඉක්මවා යද්දී කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් මෙම ඉඩම සෘජුවම ඩෝල් ලංකා සමාගමට බදු දීමට අදාළ සියලු පාර්ශ්ව දැනුවත් කරමින් කටයුතු ආරම්භ කර තිබිණි. එසේ තිබියදී දැදිගම සමූහ ව්‍යාපාරයේ හිමිකරු වන රංජන් මාලන් දැදිගම මහතා ඊට එරෙහිව ගංගොඩවිල දිසා අධිකරණයේ නඩුවක් ගොනුකර 2024.12.03 වන දින මීට අදාළව අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තිබිණි.

ඊයේ (අගෝස්තු 01) දිනයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දැදිගම සමාගම විසින් ඩෝල් ලංකා සමාගමට අතුරු බදු දී ඇති අක්කර 550ක ඉඩම කතරගම දේවාලයට යළි පවරා ගැනීම වළක්වාලමින් නිකුත් කර තිබුණු අතුරු තහනම් නියෝගය සහ රීට් ආඥාව ගංගොඩවිල දිසා අධිකරණය විසින් විසුරුවා හැර ඇත.

ඒ අනුව, දැදිගම සමූහ ව්‍යාපාරය විසින් කතරගම දේවාලයට රුපියල් මිලියන 20කට අධික බදු මුදලක් නොගෙවා පැහැර හැර ඇති බැවින් ඉහත ඉඩම යළි කතරගම දේවාලයට පවරා ගැනීමට කටයුතු කෙරෙමින් පවතින අතර කතරගම දේවාලය විසින් එම ඉඩම සෘජුවම ඩෝල් ලංකා සමාගමට බදු දීමට ද කටයුතු කරමින් සිටින බවත් සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව එක්ක බද්ද අඩුකරගත්තේ කොහොමද? රටට හෙළි කරන්න – නාමල් කියයි

කොළඹ LNW:ඇමරිකාවට කරනු ලබන අපනයන මත පැනවූ අන්‍යෝන්‍ය තීරු...

ආරක්ෂක සේවා කැරම් සූරතා ගුවනේ පතිත වෙයි

නිශ්මං රණසිංහ අගෝස්තු 02, කොළඹ LNW: ආරක්ෂක සේවා ක්‍රීඩා කවුන්සිලය විසින්...

බස් රථ අනතුරක් : 42 දෙනෙකුට තුවාල..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : ඇඟලුම් සේවිකාවන් පිරිසක්...

“සිටි ඔෆ් ඩ්‍රීම්ස් – ශ්‍රී ලංකා” සංකීර්ණය ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් විවෘත වෙයි !

කොළඹ පිහිටි "සිටි ඔෆ් ඩ්‍රීම්ස් - ශ්‍රී ලංකා" හෝටල්...