මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

Date:

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින ගමගේ මහතාව සේවයෙන් පහකිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ, 2012 – 2015 සමය තුළ නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී ඇති විෂමාචාර චෝදනාවන්ට අදාළව ය.

මේ සම්බන්ධයෙන් චෝදනා 8 කින් සමන්විත චෝදනා පත්‍රයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තිලින ගමගේ මහතා වෙත 2025 ජුනි මාසයේදී යොමුකර තිබිණි. ඒ, එහි සඳහන් විෂමාචාර / වැරදි අනුව ඔහුව සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් අයුරකින් දඬුවම් නොපැමිණවීමට හේතු ඇතොත් දින 21ක් තුළ දැනුම් දෙන ලෙස සඳහන් කරමිනි.

මෙම සිද්ධියට අදාළව තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාව මීට පෙර වැඩ තහනමකට ද ලක්කර තිබූ අතර මීට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර තිබිණි.

කෙසේවෙතත් එම නඩුවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට 2021 දෙසැම්බර් 21 වනදා කොළඹ මහාධිකරණය නියෝග කළ අතර ඉන් අනතුරුව ඔහුව නැවත සේවයෙහි පිහිටුවා තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...