මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

Date:

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින ගමගේ මහතාව සේවයෙන් පහකිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ, 2012 – 2015 සමය තුළ නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට එරෙහිව එල්ල වී ඇති විෂමාචාර චෝදනාවන්ට අදාළව ය.

මේ සම්බන්ධයෙන් චෝදනා 8 කින් සමන්විත චෝදනා පත්‍රයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් තිලින ගමගේ මහතා වෙත 2025 ජුනි මාසයේදී යොමුකර තිබිණි. ඒ, එහි සඳහන් විෂමාචාර / වැරදි අනුව ඔහුව සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් අයුරකින් දඬුවම් නොපැමිණවීමට හේතු ඇතොත් දින 21ක් තුළ දැනුම් දෙන ලෙස සඳහන් කරමිනි.

මෙම සිද්ධියට අදාළව තිලින ගමගේ මහේස්ත්‍රාත්වරයාව මීට පෙර වැඩ තහනමකට ද ලක්කර තිබූ අතර මීට අදාළව කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් ද ගොනුකර තිබිණි.

කෙසේවෙතත් එම නඩුවෙන් ඔහුව නිදොස්කොට නිදහස් කිරීමට 2021 දෙසැම්බර් 21 වනදා කොළඹ මහාධිකරණය නියෝග කළ අතර ඉන් අනතුරුව ඔහුව නැවත සේවයෙහි පිහිටුවා තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් සභා ජන්දය නොතියන්න හේතුව හිටපු මන්ත්‍රී ගම්මන්පිල හෙළිකරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකරන්නේ...

AI ස්පෑම් නාලිකා මර්දනයට යූටියුබ් වෙතින් දැඩි පියවරක්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී YouTube ආයතනය...

අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ...