රටේ තීරුබදු ක්‍රමය වෙනස් නොකිරීමෙන් අවසානයේ බලපෑමට ලක්වන්නේ ශ්‍රී ලාංකිකයින්මයි – ධනනාත් ප්‍රනාන්දු

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW :

වර්තමානයේ මේ වනවිට අමෙරිකාව පැනවූ 20%ක නව තීරුබදු හමුවේ ශ්‍රී ලංකාවද සිය තීරු බදු ක්‍රමය වහා සංශෝධනය කරගත යුතු බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු කියා සිටියේ රටේ තීරුබදු ක්‍රමය වෙනස් නොකිරීමෙන් අවසානයේ බලපෑමට ලක්වන්නේ ශ්‍රී ලාංකිකයින්ම බවයි.
ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාව රටක් වශයෙන් පනවා ඇති අනවශ්‍ය බදු සම්බන්ධයෙන් අමෙරිකාවේද අවධානය යොමුව ඇති බවයි.

ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසුවේ, කෙසේවෙතත් අමෙරිකාව විසින් මීට පෙර පැනවූ සියයට 44ක බද්දට සාපේක්‍ෂව වර්තමානයේ සියයට 20ක බද්දක් පැනවීම සුබදායක බවයි.

මී අමතරව, රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමාත්‍යවරුන් නිවැරදි තීන්දු තීරණ ගත යුතු බවත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන අඩුපාඩුකම් නිවැරදි කළ යුතු බවත් බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

එම අඩුපාඩු නිවැරදි කර ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙළඳ ව්‍යාපාරික ප්‍රජාව මෙන්ම වෘත්තිකයන්ද එක් කර ගන්නා ලෙසට රජයෙන් ඉල්ලීමක් කරන බව, එහි සභාපති සම්පත් මිරෙන්චිගේ මහතා පැවසුවේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ , එමෙන්ම අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පැනවූ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩු කිරීමට මැදිහත් වූ සියලු පාර්ශවවලට ස්තුතිය පුද කරන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කහ සහ ඉගුරු වගාවටත් හොද කාලයක්!

කොළඹ LNW:වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු...

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටි සම්පත් මනම්පේරි අධිකරණයට භාරවෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : පසුගිය දා මිද්දෙණිය ප්‍රදේශයේදී...

කීරි සම්බා හිඟයට හේතුව?එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියන කතාව..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : වර්තමානය වන විට වෙළඳපොළේ...

ලෝකයේ දියුණුතම ජාතිය ලංකාවේ ඇති කිරීමේ අභියෝගය අපි භාරගත්තා අපිට එය කළ හැකියි : ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17 කොළඹ LNW : මෙරට සමස්ත ආර්ථිකය සහ...