ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ සිදුවු වෙඩි තැබීමකින් 4 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 02, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

වෙඩි තැබීමකින් , ඇමෙරිකාවේ මොන්ටානා ප්‍රාන්තයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මොන්ටානා ප්‍රාන්තයේ අවන්හලක මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩි තැබීම සිදුකිරීමෙන් අනතුරුව සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙන බවයි .

ඔහු සොයා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක වන අතර, මේ වන විට සැකකරු හදුනාගෙන ඇති අතර ඔහුගේ ඡායා රූපයක් ද මාධ්‍යට නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මොන්ටානා ප්‍රාන්තයේ නිරිත දිග ප්‍රදේශයේ ඇනකොන්ඩා නගරයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර එම නගරයේ දසදහසකට ආසන්න පිරිසක් පමණක් වාසය කරන බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...