වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW :

අද (02) පස්වරුවේ, අම්බලන්තොට  හුංගම, පිංගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුව ඇති බව, පොලීසිය පැවසීය.

බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී ඇති අතර, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.