වෙඩි තැබීමක් : එක් අයෙකු මරුට ..

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW :

අද (02) පස්වරුවේ, අම්බලන්තොට  හුංගම, පිංගම ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

කුඹුරක ආරවුලක් මත අදාළ වෙඩි තැබීම සිදුව ඇති බව, පොලීසිය පැවසීය.

බලපත්‍ර සහිත ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, වෙඩි වැදුණු පුද්ගලයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරුව වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ගිනි අවිය සමග හුංගම පොලිසියට භාර වී ඇති අතර, තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල සෙනෙවිරත්න මහතාගේ උපදෙස් මත හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඛනිජ තෙල් ගබඩා ටැංකි 06ක් ඉදිකිරීම ඇරඹේ!

කොළඹ LNW:කොළොන්නාව ඛනිජ තෙල් ගබඩා සංකීර්ණයේ, ඛනිජ තෙල් ගබඩා...

බීමත් රියදුරන් සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ LNW : ඊයේ (16) දිනයේ දිවයින...

ස්විස්ට්සර්ලන්ත – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ තවත් අදියරක්!

කොළඹ LNW: ස්විස්ට්සර්ලන්ත - ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය...

ආණ්ඩුව පීචංද ?

කොටුව බස් ස්ටෑන්ඩ් එක නවීකරණය කරන උත්සවය වෙලාවේ ප්‍රසිඩන්ට්...